Responsive Ad Slot

ලිට්රෝ සමාගමෙන් 2023 වර්ෂයේදී රුපියල් බිලියන තුනක ලාභයක් රාජ්‍ය භාණ්ඩාගාරයට.

 

දැඩි ආර්ථික අවපාත හමුවේ ඉදිරියට යමින් රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම  2023 වර්ෂයේ ලාභය ලාභාංශ විදිහට රජයට ගෙවීමට තීරණය කර තිබෙනවා. රුපියල් බිලියන 1.5 මුදලක් ජාතික රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගමේ මව් සමාගම හරහා  රජයේ භාණ්ඩාගාරය වෙත එකී මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතයි.

මීට කලින් ඔක්තෝබර් මාසයේදීත් බිලියන එක හමාරක මුදලක් ලිට්රෝ  සමාගම රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගෙවූ අතර,මේ ලෙස අද දින නැවතත් මේ මුදල් ගෙවීම සිදු කරන්නේ ලිට්රෝ  සමාගම ගෙවන දෙවැනි රුපියල් බිලියන එක හමාර ලෙසයි.සමස්තයක් ලෙස ගත් විට 2023 වර්ෂය සඳහා ලිට්රෝ  සමාගම ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන තුනක මුදලක් ගෙවා ඇති බවට අද දින පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාවේදී ලිට්රෝ සභාපතිතුමා සඳහන් කලා.

අපමණ අභියෝගතා පැවතියත් එවැනි කාල වකවානුවක් තුළ රජයට ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට මුදල් ඇවැසි මොහොතක රුපියල් බිලියන තුනක ලාභයක මුදලක් රාජ්‍ය ආයතනයක් වශයෙන් ගෙවීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ලිට්රෝ  ආයතනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සභාපති තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

වැට් බදු වැඩිවීමත් සමගම ලිට්රෝ ගෑස් සමාගමේ සංශෝධනය වූ නවතම මිල ගණන්

 


2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය තීරණය ගත් පරිදි වැඩ බදු සංශෝධනය සිදුකිරීම නිසා මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වර්තමාන මිල පෙර මිලට වඩා ඉහලයාම සිදුවුණා. ඒ අතරින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලත් මේ ආකාරයේ සංශෝධනය වීමක් සිදුවුණා.

2024 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් ඉහළ දැමීම සිදු කල අතර ඒ අනුව 12Kg සිලින්ඩරයක වර්තමාන මිල රු.4250 ක් ලෙස සංශෝධනය වන විට 5Kg ගෑස් සිලින්ඩරය මිල රු. 276කින් වැඩි වන අතර එහි වර්තමාන මිල රුපියල් 1707 ලෙස සඳහන්.

ඒ වගේම 2.3kg කුඩාම ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 157 කින් ඉහළ දමන අතර එහි වර්තමාන මිල රුපියල් 795 ක් ලෙස සඳහන්.

වෙළඳපොළ තුළ පවතින අනෙකුත් ගෑස් බෙදාහැරීමේ ආයතනය 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4705.00ක් ලෙස ඉහළ දමද්දී 5Kg එක මිල රු 1885.00ලෙස ඉහළ ගිය අතර, 2Kg ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රු.755.00 ලෙස නියම කිරීමට තීරණය කළා.

නමුත් වෙළඳපල තුළ පවතින අනිකුත් ගෑස් සැපයුම් සමාගමට වඩා රුපියල් හාරසීයක් පන්සීයක් අතර ප්‍රමාණයේ සහනදායි මිල අවස්ථාවක් ලිට්රෝ සමාගම සිය පාරිභෝගිකයට ලබා දී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 99%ක්ම මේ මිල ඉහල යාම සිදුවුණේ රජය පැනවූ වැට් බදු නිසා බව ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මැතිතුමා සඳහන් කළා. වර්තමානයේ ගෑස් මිල ගියවර මිල සමග සංසන්දනය කරන විට සාමාන්‍යයෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ යාමක් සිදු වුණා.

කෙසේ නමුත් රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ක්‍රියාත්මක වූ මේ වැට් බදු ඉහළ දැමීම නිසා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක

මිල ඉහළ යාමක් සිදුවුණත් ඉදිරියේදී මිල පහත හෙළීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ලිට්රෝ සමාගම සූදානම් බව ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළා.

ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම




එල්පී ගෑස් සම්බන්දෙන් කතා කරද්දි මේ වෙද්දි ජාත්‍යන්තර වෙළෙඳ පළ විවිධ ආකාරයෙන් මිල උච්චාවචනයන් වලට මුහුණ දුන්නු කාලසීමාවක්.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල උච්චාවචනයන් සෘජුවම ලංකාවෙ අපිටත් බලපානවා.ඒ කෙසේ නමුත් වගකියයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම ඉදිරි උත්සව කාලය වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගැනීමට කටයුතු කළා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතෙක් මිල උච්චාවචනයන් සිදු වුණත් එල්පී ගෑස් සිලින්ඩරයක මිල පවතින මිල අනුවම පාරිභෝගිකයන්ට ලබා දීමටත් මිල මිල සංශෝධනයක් මේ මස සිදු නොකිරීමටත් ලිට්රෝ සමාගම තීරණය කර ඇත.ඒ අනුව 12.5Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565යක් යටතේ අලවි කිරීමට නියමිතයි.

හෙට සුරකින අපේ ළමයි අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලිය අති සාර්ථකව අවසන් වේ





අනාගත ලෝකය තුළ ඉදිරි පරපුර නියෝජනය කරන්නේ ආදරණීය දරුවන්.ඉතින් හෙට සුරකින අපේ ළමයි වෙනුවෙන් කවදත් පෙරමුණ ගන්නා ලිට්රෝ සමාගම පසුගිය දවසක අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලියක් සැලසුම් කළා.මෙම තරගාවලයේ මූලික අරමුණ වුණේ එල්පී ගෑස් භාවිතා කිරීමේදී ආරක්ෂා විය වියයුත්තේ කෙසේද සහ ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඉදිරි පරපුර දැනුවත් කිරීමයි.

ඒ අනුව ආරම්භ වූ අන්තර් පාසල් දැනුම මිනුම කථික තරගාවලියේ අවසන් මහා තරග පසුදිනක පැවැත්වූ අතර ඒ තුළින් දක්ෂ කථිකයන් සහ නුවණැති දරුවන් කොට්ඨාශයක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා.

හෙට සුරකින අපේ ළමයි කියන තේමාව යටතේ පාසල් දරුවන් අතර විධිමත් තරගාවලියක් ආරම්භ කළ ලිට්රෝ සමාගමට මුලින්ම මේ තරඟාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රමුඛ දායකත්වයක් ලැබුණා.

දිවයින පුරා පාසල් 264ක් එවගේම තරඟකරුවන් 1320ක් උණුසුම් තරග වට සිය ගණනක් සමගින් හෙට සුරකින අපේ ළමයි අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලිය ආරම්භ වූ අතර අති සාර්ථක ආකාරයෙන් සමස්ත දිවයිනම ආවරණය කරමින් මේ තරගය පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් සිහිපත් කළ යුතුයි.

කථික තරගය අවසන් වටය නියෝජනයේ කළේ තණමල්විල ජාතික පාසල සහ හොරණ රාජකීය විද්‍යාලයයි. පාසල් දෙක අතර පැවැති තියුණු තරගාවලියෙන් අනතුරුව අවසානයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ තණමල්විල ජාතික පාසලයි. එවගේම ජයග්‍රහනය ලැබූ කණ්ඩායම් සහ අනු ශූරතාවශූරතාවය ලැබූ කණ්ඩායම් වෙනුවෙන් ලිට්රෝ සමාගම ඉතාමත් වටිනා කියන ත්‍යාග ලබා දීමත් සිදු කළා.

ඉතින් මෙවැනි සමස්ත ලංකා මට්ටමෙ තරගයක් සංවිධානය කිරීම තුළින් ඇත්තටම ඉදිරි පරම්පරාවට එල්පී ගෑස් පරිභෝජනයේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා.

එනිසාම ලිට්රෝ වැනි දැවැන්ත සමාගමක් අනාගතය වෙනුවෙන් මෙවැනි අති දැවැන්ත තරගාවලියක් සංවිධානය කිරීමෙන් සිදුකළ අනාගත ආයෝජනය අගය කළ යුතු අතරම මෙවැනි උදාර සංකල්පයන් යළි යළි ක්‍රියාවට නංවන්නට ලිට්රෝ සභාපතිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.










අපේ රටේ ව්‍යාපාර වල දියුණුවට ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය

ශ්‍රී ලංකාව කියන්නේ දරුණු ආර්ථික උද්ධමනයකට මුහුණ දීමෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් නැවතත් ස්ථාවර තත්වයකට පත් වෙමින් තිබෙන රටක්. මේ නිසාම අපේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ස්ථාවරව පවත්වාගෙන යාම සහ ඒ ඔස්සේ ලාභ ලැබීම ඒ තරම් පහසු කාරණයක් නෙමෙයි. රටේ තිබෙන සෑම භාණ්ඩයකටම සහ සේවාවකටම වටිනාකමටත් වඩා වැඩි මිලක් නියම වී තිබෙන මේ වටපිටාව තුල තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නට ව්‍යාපාරිකයන් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා. බොහොමයක් ව්‍යාපාරික කටයුතු වලදී ගින්දර භාවිතයෙන් සිදු කරන කටයුතු සදහා දර හෝ දහයියා වැනි ප්‍රාථමික ඉන්ධන භාවිතා කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා. ඉතින් අපි කලින් සදහන් කල ඉන්ධන වලට වඩා ලිට්රෝ ගෑස් භාවිතා කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ලැබෙන වාසි ගැන වගේම අපේ රටේ ව්‍යාපාර වල දියුණුවට ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න අපි සූදානම්.

01. පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රියමනාප වටපිටාවක් නිර්මාණය කිරීම.

ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ බොහොමයක් වෙලාවට ව්‍යාපාරයක් වෙත පාරිභෝගිකයෙක් ඇදී එන්නේ එම ව්‍යාපාරය අවට තිබෙන වටපිටාව පිළිබදව සැලකිලිමත් වීමෙන් පසුවයි. දර නිසා අධිකව ඇති වන දුම, භූමිතෙල් නිසා ඇතිවන දුර්ගන්ධය වැනි කරුණු නිසා පාරිභෝගිකයන්ට එම ව්‍යාපාරික ස්ථානය ඒ තරම් ප්‍රසංසනීය ගැගීමක් ඇති කරවන්නේ නැහැ. නමුත් එල් පී ගෑස් භාවිතා කිරීමේදී අනවශ්‍ය දුමක් හෝ දුර්ගන්ධයක් නිකුත් නොවන නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය සුවදායී වටපිටාව නිර්මාණය වීම සිදු වෙනවා. මේ නිසා වැඩි පාරිභෝගික ආකර්ශණයක් හිමි වීම ව්‍යාපාරිකයන් එල් පී ගෑස් භාවිතා කිරීමෙන් ලබන එක් ප්‍රධාන වාසියක් වෙනවා.

02. භාවිතයේ සහ ගබඩා කිරීමේ පහසුව.

දර වැනි ඉන්ධන ගබඩා කිරීමේදී ඒවා නොතෙමී තබා ගැනීම, වේයන්ගෙන් වන හානි වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධාකර ක්‍රම සහ විධි අනුගමනය කල යුතු වෙනවා. ඒ වගේම ඒ සදහා අමතර ඉඩක් සහ කාලයක්ද වෙන් කිරීමට ව්‍යාපරිකයන්ට සිදු වෙනවා. ඒ වගේම වැසි සහිත කාලගුණ තත්වයන් වලදී දර භාවිතය හෝ ප්‍රවාහනය කිරීම ඒ තරම් පහසු වෙන්නේ නැහැ. නමුත් එල් පී ගෑස් ටැංකි වශයෙන් පවතින නිසාත් අඩු ඉඩකඩක් තුල ගබඩා කල හැකි නිසාත් ව්‍යාපාරිකයන්ට පහසුවෙන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ හිමි වෙනවා.

03. සහනදායී මිල සහ මිලදී ගැනීමේ පහසුව.

ශ්‍රී ලංකාව පුරාම විහිදුණු අලෙවි නියෝජිත ජාලය මගින් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට සරිලන එල් පී ගෑස් ටැංකි විවිධ ප්‍රමාණවලින් මිලදි ගන්නට පුළුවන්. ඒවගේම ලෝක එල් පී ගෑස් මිලේ සිදුවෙන වෙනස් වීම් සහ සංශෝධන වල සහන මිල සෘජුවම පාරිභෝගිකයන්ට ලබා ගැනීමටත් ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ට අවස්ථාව සලස්වා දි තිබෙනවා. මේ නිසා අපිට අවීවාදයෙන් පිළිගත හැකි කරුණ වන්නේ ව්‍යාපාර සාර්ථක කර ගැනීම සදහා එල් පී ගෑස් භාවිතය ඉතා වැදගත් සාධකයක් බවයි.

කලින් කතා කලා වගේම අපේ රට මේ වන විට උද්ධමනය නිසා පීඩා විදිමින් ක්‍රම ක්‍රමයෙන් එයින් මිදෙමින්, නැගී සිටිමින් සිටින රටක්. ඉතින් ඒ නිසාම අපේ රටේ ව්‍යාපාර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගැනීම සදහා ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය සුළු කොට තැකීමේ හැකියාවක් අපිට නැහැ. ඒ නිසාම ලිට්රෝ ගෑස් සමාගම අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙමින් අනෙකුත් සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සාර්ථක කිරීම සදහා දක්වන සහයෝගය අනිවාර්යෙන්ම අගය කල යුතු එකක් වෙනවා.

රක්ෂිතවල අක්කර ලක්ෂ 3ක් කෝටිපතියන්ට බෙදලා

No comments 0

දිවයින පුරා වනරක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන්  ලක්ෂ තිස් දෙදහසක් කෝටිපති ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් ඇතුළු  විවිධ තරාතිරම්වල  පිරිස් සඳහා වගා කටයුතු ඇතුළු නොයෙකුත්  ව්‍යාපෘති  වෙනුවෙන් මේදක්වා නිදහස් කර ඇතැයි  තොරතුරු අනාවරණයවී ඇති බව  පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

වන රක්ෂිතවල ඉඩම් මෙලෙස විවිධ පුද්ගලයන්ගේ මනදොළ සැපිරීම සඳහා මෙලෙස  නිදහස් කිරීමෙන්  රටේ පරිසරයට බරපතළ  තර්ජනයක් ඇතිවන  බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අතර 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි මරණ 1967ක් සිදුවී ඇති අතර අලින්ගේ පහරදීම හේතුවෙන් පුද්ගලයන් 667 දෙනකු  මරුමුවට පත්ව ඇතැයිද  එම කාරක සභාවේදී තොරතුරු හෙළිවිය.

ගෑස් භාවිතයෙන් කාලයත් මුදලුත් ඉතිරි කරමින් පහසුවෙන් ආහාර පිස ගන්න ටිප්ස් 5 ක්




එල්පී ගෑස් කියන්නේ අපේ රටේ ව්‍යාපාර කටයුතු වලට වගේම නිවසේ එදිනෙදා කටයුතු සදහාත් එකසේ භාවිතයට ගැනෙන ප්‍රධාන ඉන්ධන වර්ගයක්. කාර්යබහුල ගෘහණියන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු කරන්න වගේම ඔවුන්ගේ කාලය ඉතුරු කරන්නත් අනෙකුත් ඉන්ධන වලට සාපේක්ෂව එල්පී ගෑස් වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ගෘහණියන්ගේ ජිවිතය වඩාත් පහසු කරවන එල්පී ගෑස් භාවිතයෙන් කාලයත් මුදලුත් ඉතිරි කරමින් ආහාර පිසගන්න පුළුවන් ටිප්ස් පහක් අද ලිපියෙන් අපි අරගෙන එනවා.

01. ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීම.

ගෑස් ලිපේ ආහාර පිසින විට විවිධාකාර භාජන භාවිත කරන්නට පුළුවන්. නමුත් ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීමේදී අනික් සියලුම භාජන වලට වඩා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ආහාර පිසීමේ හැකියාව ලැබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රෙෂර් කුකරයක් තුල නිපදවෙන අධික උෂ්ණත්වය පිටතට ගමන් නොකරන නිසා සෙල්සියස් අංශක 100 ක තරම් උෂ්ණත්වයක් සහිත වටපිටාවක් තුල ආහාර ඉක්මනින් තැම්බීම සහ පිසීමයි. ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීමේදී ආහාර ඉක්මනින් පිස ගැනීමට හැකි අතරම වැය වන එල්පී ගෑස් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගැනීමේ හැකියාවත් පවතිනවා.

02. එක වර ආහාර පිස ගැනීම.

ඔබත් කාර්යබහුල ගෘහණියක් නම් වරින් වර ආහාර පිසීම වෙනුවට එකවර ආහාර වර්ග කිහිපයක් පිස ගැනීම වඩාත් සුදුසු වෙනවා. බොහෝ වෙලාවට එක් ආහාර වර්ගයක් පිසෙන විට ලිප දැනටමත් රත් වී තිබෙන නිසා නැවත නැවත ලිප රත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අනවශ්‍ය කාලයක් සහ ගෑස් වැය කිරීමකින් තොරව මේ ක්‍රමය හරහා එක වර ආහාර වර්ග කිහිපයක් පිස ගැනීමට ඔබට පුළුවන්.

03. ගෑස් ලිපේ අමතර කොටස් නිතර පරීක්ෂා කිරීම.

ගෑස් ලිපක් භාවිතා කරන විට බොහෝ වෙලාවට එහි අමතර කොටස් පිළිබදව සැලකිලිමත් විය යුතු වෙනවා. බර්නර්, ආධාරක සහ රෙගියුලේටරය වැනි අමතර කොටස් ඉතා හොද තත්වයේ තිබීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. ලිපේ දැල්ල නිසියාකාරව දැල්වීම අත්‍යාවශ්‍ය කාරණයක්. මේ නිසා මසකට වරක් හෝ ගැලවිය හැකි කොටස් ගලවා ඒවා පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.

04. උණුවතුර බෝතල් සහ ආහාර වල උණුසුම ආරක්ශා වන බදුන් භාවිතා කිරීම.

නිවෙස් වල බොහෝ වෙලාවට ආහාර පිසීමට අමතරව එල්පී ගෑස් භාවිතා වෙන්නේ ජලය රත් කිරීමට සහ ආහාර නැවත නැවත රත් කිරීම සදහායි. නමුත් උණුවතුර බෝතල් සහ ආහාර වල උණුසුම ආරක්ශා කරන බදුන් භාවිතා කිරීම මගින් නැවත නැවත ජලය උණු කිරීම සහ නැවත නැවත ආහාර රත් කිරීම සදහා වැය වන අනවශ්‍ය මුදල සහ කාලය ඉතිරි කරගන්නට පුළුවන්.

05. අවශ්‍ය ආකාරයට ගිනි දැල්ල අඩු වැඩි කිරීම.

ආහාර වර්ග එකකට එකක් විවිධාකාර නිසා ගෑස් ලිපේ දැල්ල විවිධාකාර ප්‍රමාණ වලින් තිබීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඒ ඒ ආහාර වර්ගයට අදාල ප්‍රමාණයට ගෑස් දැල්ල සීරුමාරු කිරීම මගින් වැය වන එල්පී ගෑස් ප්‍රමාණය ඉතුරු කරගන්නට පුළුවන්.

වියදම් වැඩි මේ කාලයේ වියදම් අඩු කරගන්න වගේම නිවසේ වැඩ කටයුතු පහසුවෙන් ඉටු කරගන්නත් එල් පී ගෑස් අපේ රටේ ගෘහණියන්ට ලබා දෙන්නේ සුළු පටු සහයෝගයක් නෙමෙයි. ඉතින් අපි අද ලිපියේ සදහන් කරපු ටිප්ස් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න වගේම ඔයාගේ එදිනෙදා ජිවීතය පහසු කරගන්නත් මේ ටිප්ස් භාවිතා කරන්න අමතක කරන්න එපා.

මිනිස්සුන්ට බරක් නොදැනෙන්න ගෑස් මිල පාලනය කළ ක්‍රමය මෙන්න

 



ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඔක්තෝම්බර් පළමුවෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ අතර ඒ අනුව 92 පෙට්‍රල් රු.04 කින්, 95 පෙට්‍රල් රු.03 කින්, ඔටෝ ඩීසල් රු.10 කින් සුපර් ඩීසල් රු.62 කින් සහ භූමිතෙල් රු.11 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් රු.365ක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර 95 පෙට්‍රල් ලීටරයක මිල සදහන් වන්නේ රු. 420 ක් ලෙසයි. එසේම ඔටෝ ඩීසල් වල නව මිල රු. 351 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක් රු.421 ක් ලෙසත් භූමිතෙල් ලීටරයක් රු.242 ක් ලෙසත් ඉහල ගොස් තිබෙනවා. මේ නිසා ඉදිරියේදී බස් සහ ත්‍රීවිල් ගාස්තු වලද වැඩිවීමක් සිදු වීමට නියමිත බව බොහෝ දෙනෙකුගේ අදහසයි.


ඇමරිකාව තුල වේගයෙන් ඉහල යන උද්ධමනය, යුක්‍රේන සහ රුසියා යුද්ධය, කොරෝනා වසංගතයෙන් පසු චීනයේ ආර්ථිකය විවෘත වීම නිසා ඇති වූ දැඩි එල් පී ගෑස් ඉල්ලුම වගේම ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය විසින් ගණු ලබන විවිධාකාර තීන්දු සහ තීරණ නිසාත් නොසිතූ විරූ අයුරින් ලෝක එල් පී ගෑස් වෙළදපලේ මිළ ඉහල යාම පිළිබදව මාස කිහිපය පුරාම වාර්තා වුනා. 2023 වසරේ අගෝස්තු මාසයේ ඇමරිකාවේ ගෑස් ගැලුන් එකක මිල 3.86 ක් ලෙස සදහන් වුනත් ඊට පෙර සතියේ ගෑස් මිල වාර්තා වී තිබුනේ ගෑස් ගැලුන් එකක මිල ඩොලර් 3.85 ක් ලෙසයි. මෙම දත්ත වලට අනුව සාමාන්‍යයෙන් වර්ෂයක් තුල වැඩිවෙන ගෑස් මිලට වඩා 22% ක වැඩි වීමක් මෙම වසර මැද සිදු වී ඇති බව ආර්ථික විශේෂඥයන් වැඩි දුරටත් පෙන්වා දුන්නා. මේ තත්වයන් නිසා ගෑස් මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යද්දීත් ශ්‍රී ලංකාවේ ජනතාවට එම දැඩි පීඩනය එල්ල වීම වැලැක්වීමට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතීත්වය සහ කළමණාකාරීත්වය කටයුතු කළා. ඒ අනුව අගෝස්තු මාසය වන තුරුම නිවරදි කළමණාකාරීත්වය නිසා මිල ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් සහ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහල යද්දීත් මිල ස්ථාවරව තබා ගන්නට ලිට්රෝ සමාගම කටයුතු කලා. ලෝක වෙළදපලේ මිල ඉහල යාම නිසා පසුගිය මාසයේදී රු.2982 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 145 කින් පමණක් ඉහළ දැමුණු අතර එහි නව මිල වාර්තා වුනේ රු.3127 ක් ලෙසයි. ලෝක වෙළදපලේ ගෑස් මිල නොසිතූ විරූ අයුරින් ඉහළ යද්දීත් එම තත්වය පාලනය කරමින් සහ ඉතා සුළු අගයකින් ඉහළ දමමින් තමන්ගේ පාරිභෝගික ජනතාවට සලසන සහනය උද්ධමනය නිසා පීඩා විදින ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් බවට පත් වී තිබෙනවා.

සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වලට වෙනත් ශක්ති ප්‍රභවයන් වලට වඩා ගෑස් භාවිතා කිරීම වඩාත් ලාභදායී වන්නේ ඇයි?



 අපේ රටේ අලුතින් ආරම්භ වන සහ මධ්‍යම ප්‍රමාණයෙන් පවත්වාගෙන යන ව්‍යාපාර බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. මේ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරගන්නට නම් අඩු වියදම් සහ වැඩි ආදායම් සහිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. අලුතෙන් පටන් ගත් ව්‍යාපාරයක් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන ගමනේදී එම ව්‍යාපාරයේ වියදම් හැකි පමණින් අඩු කර ගැනීමට ව්‍යාපාරිකයන් උනන්දු වෙනවා. මෙවැනි අවස්ථා වලදී බොහොමයක් ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර වල ඉන්ධන අවශ්‍යතා සදහා එල් පී ගෑස් භාවිතා කිරීම සිදු කරනවා.මේ ආකාරයට තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සදහා එල් පී ගෑස් භාවිතා කිරීමේ වාසිය කුමක්ද? අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි.

 
01. භාවිතයේ පහසුව.
 
වෙනත් විකල්ප ඉන්ධන භාවිතා කිරීමේදී ව්‍යාපාර භාවිතා කරන පුද්ගලයන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වෙනවා. එයින් ප්‍රධානතම ගැලළුව වන්නේ දර වැනි ඉන්ධනයක් භාවිතා කිරීමේදී දුම නිසා සහ භාවිතයේදී සිදුවන අපහසුතාවයයි. භූමිතෙල් වැනි ඉන්ධන භාවිතයේදී ඇතිවන දුර්ගන්ධය නිසා පාරිභෝගිකයන් තුල අප්‍රසන්න හැගීමක් ඇති වන්නට පුලුවන්. නමුත් ගෑස් භාවිතා කිරිමේදී වඩාත් පහසුවෙන් අදාල කාර්‍යයන් ඉතා කුඩා ඉඩක් තුල ඉටු කරගන්නට ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙනවා.

02. සපයා ගැනීමේ පහසුව.
 
දර, දහයියා, භූමිතෙල් වැනි ඉන්ධන භාවිතා කිරීමේදී බොහෝ වෙලාවට ව්‍යාපාරිකයන්ට කාලගුණ තත්වය පිලිබදව සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා. වැසි සහිත කාලගුණ තත්වයන් වලදී දර සහ දහයියා වැනි ඉන්ධන භාවිතා කිරිම වඩාත් අපහසු වෙන්නට පුළුවන්. නමුත් ඔනෑම කාලගුණ තත්වයක් යටතේ භාවිතා කල හැකි ගෑස් දිවයින පුරා පිහිටා තිබෙන ලගම අලෙවි නියෝජිතයාගෙන් ලබා ගන්නට ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙනවා
.
03. මිල සංශෝධන.
 
අපේ රටේ ගෑස් සැපයීමේ ප්‍රමුඛ ආයතනය වෙන ලිට්රෝ ගෑස් ආයතනය ශ්‍රී ලංකාවේ ගෑස් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන ආයතනයයි. ඔවුන් විසින් ශ්‍රී ලංකා රජය සමග එක්ව නිර්මාණය කර තිබෙන මිල සූත්‍රය නිසා ලෝකයේ ගෑස් මිල අඩු වැඩි වන අවස්ථා වලදී එම සහනය පාරිභෝගික ජනතාවට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා. මේ නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ගෑස් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
 
ඉහතදී සදහන් කල කරුණු වගේම පරිසර දූෂණයෙන් තොරව තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමටත්, වඩාත් පහසුවෙන් සහ මුදල් ඉතිරි කරගනිමින් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් වඩාත් සුදුසු ඉන්ධන වර්ගය වන්නේ එල් පී ගෑස් භාවිතා කිරිමයි.
 
ඒ මතක් කිරීමත් සමගින් අද ලිපියෙන් අපි සමු ගන්නවා. ඔබ සියළු දෙනාටම සුබ දවසක්!

මුතුහෙට්ටිගම අත්අඩංගුවට නොගත් හේතු කියන්න වලානේ අධ්‍යක්‍ෂකට උසාවි එන්න කියයි


නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (14 දා) නියෝග කරන ලදී. 

පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනිදා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ගාල්ල නගරයේදී සුඛෝපභෝගී වාහනයක් නවතා පරීක්‍ෂා කර ඇත. මෙම වාහනය පදවාගෙන ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරයකු වන අතර වාහනයේ කිසිදු නීත්‍යානුකූල ලියැකියවිලි තිබී නැත. පසුව සැකකරු හා වාහනය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ල පොලිසියට භාරදී ඇත. 

එහිදී කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එහි චැසි අංකය මියගිය කාන්තාවකගේ මෝටර් රථයක අංකය ලෙස කොටා ඇති බවයි. වාහනයේ නොම්බර තහඩුවද ව්‍යාජ එකක් බව හෙළිවී ඇත. වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කර ඇති එකක් බවය. ඊයේ දින මුතුහෙට්ටිගම මහතා අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු කියා සිටියේ නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නිශාන්ත මුතුහෙට්ටිගම නම් කරන බවය. 

එම අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ වලාන දූෂණ මර්දන අංශයේ විමර්ශන ගැන සෑහීමකට පත් නොවන බවය. නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටීමට වලාන දූෂණ මර්දන ඒකකය අධ්‍යක්‍ෂවරයාට නොතීසි නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. සුගතපාල දීයගහගේ – අහංගම



© all rights reserved
Designed by IDAPZ