Responsive Ad Slot

Slider

ගෑස් භාවිතයෙන් කාලයත් මුදලුත් ඉතිරි කරමින් පහසුවෙන් ආහාර පිස ගන්න ටිප්ස් 5 ක්




එල්පී ගෑස් කියන්නේ අපේ රටේ ව්‍යාපාර කටයුතු වලට වගේම නිවසේ එදිනෙදා කටයුතු සදහාත් එකසේ භාවිතයට ගැනෙන ප්‍රධාන ඉන්ධන වර්ගයක්. කාර්යබහුල ගෘහණියන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු කරන්න වගේම ඔවුන්ගේ කාලය ඉතුරු කරන්නත් අනෙකුත් ඉන්ධන වලට සාපේක්ෂව එල්පී ගෑස් වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ගෘහණියන්ගේ ජිවිතය වඩාත් පහසු කරවන එල්පී ගෑස් භාවිතයෙන් කාලයත් මුදලුත් ඉතිරි කරමින් ආහාර පිසගන්න පුළුවන් ටිප්ස් පහක් අද ලිපියෙන් අපි අරගෙන එනවා.

01. ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීම.

ගෑස් ලිපේ ආහාර පිසින විට විවිධාකාර භාජන භාවිත කරන්නට පුළුවන්. නමුත් ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීමේදී අනික් සියලුම භාජන වලට වඩා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ආහාර පිසීමේ හැකියාව ලැබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රෙෂර් කුකරයක් තුල නිපදවෙන අධික උෂ්ණත්වය පිටතට ගමන් නොකරන නිසා සෙල්සියස් අංශක 100 ක තරම් උෂ්ණත්වයක් සහිත වටපිටාවක් තුල ආහාර ඉක්මනින් තැම්බීම සහ පිසීමයි. ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීමේදී ආහාර ඉක්මනින් පිස ගැනීමට හැකි අතරම වැය වන එල්පී ගෑස් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගැනීමේ හැකියාවත් පවතිනවා.

02. එක වර ආහාර පිස ගැනීම.

ඔබත් කාර්යබහුල ගෘහණියක් නම් වරින් වර ආහාර පිසීම වෙනුවට එකවර ආහාර වර්ග කිහිපයක් පිස ගැනීම වඩාත් සුදුසු වෙනවා. බොහෝ වෙලාවට එක් ආහාර වර්ගයක් පිසෙන විට ලිප දැනටමත් රත් වී තිබෙන නිසා නැවත නැවත ලිප රත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අනවශ්‍ය කාලයක් සහ ගෑස් වැය කිරීමකින් තොරව මේ ක්‍රමය හරහා එක වර ආහාර වර්ග කිහිපයක් පිස ගැනීමට ඔබට පුළුවන්.

03. ගෑස් ලිපේ අමතර කොටස් නිතර පරීක්ෂා කිරීම.

ගෑස් ලිපක් භාවිතා කරන විට බොහෝ වෙලාවට එහි අමතර කොටස් පිළිබදව සැලකිලිමත් විය යුතු වෙනවා. බර්නර්, ආධාරක සහ රෙගියුලේටරය වැනි අමතර කොටස් ඉතා හොද තත්වයේ තිබීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. ලිපේ දැල්ල නිසියාකාරව දැල්වීම අත්‍යාවශ්‍ය කාරණයක්. මේ නිසා මසකට වරක් හෝ ගැලවිය හැකි කොටස් ගලවා ඒවා පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.

04. උණුවතුර බෝතල් සහ ආහාර වල උණුසුම ආරක්ශා වන බදුන් භාවිතා කිරීම.

නිවෙස් වල බොහෝ වෙලාවට ආහාර පිසීමට අමතරව එල්පී ගෑස් භාවිතා වෙන්නේ ජලය රත් කිරීමට සහ ආහාර නැවත නැවත රත් කිරීම සදහායි. නමුත් උණුවතුර බෝතල් සහ ආහාර වල උණුසුම ආරක්ශා කරන බදුන් භාවිතා කිරීම මගින් නැවත නැවත ජලය උණු කිරීම සහ නැවත නැවත ආහාර රත් කිරීම සදහා වැය වන අනවශ්‍ය මුදල සහ කාලය ඉතිරි කරගන්නට පුළුවන්.

05. අවශ්‍ය ආකාරයට ගිනි දැල්ල අඩු වැඩි කිරීම.

ආහාර වර්ග එකකට එකක් විවිධාකාර නිසා ගෑස් ලිපේ දැල්ල විවිධාකාර ප්‍රමාණ වලින් තිබීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඒ ඒ ආහාර වර්ගයට අදාල ප්‍රමාණයට ගෑස් දැල්ල සීරුමාරු කිරීම මගින් වැය වන එල්පී ගෑස් ප්‍රමාණය ඉතුරු කරගන්නට පුළුවන්.

වියදම් වැඩි මේ කාලයේ වියදම් අඩු කරගන්න වගේම නිවසේ වැඩ කටයුතු පහසුවෙන් ඉටු කරගන්නත් එල් පී ගෑස් අපේ රටේ ගෘහණියන්ට ලබා දෙන්නේ සුළු පටු සහයෝගයක් නෙමෙයි. ඉතින් අපි අද ලිපියේ සදහන් කරපු ටිප්ස් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න වගේම ඔයාගේ එදිනෙදා ජිවීතය පහසු කරගන්නත් මේ ටිප්ස් භාවිතා කරන්න අමතක කරන්න එපා.

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ