Responsive Ad Slot

මූල්‍ය පීඩනයෙන් හෙම්බත් වූ ජනතාවට ලිට්රෝ සමාගම ලබාදුන් සහනය

දැඩි බදු බර යටතේ සාමාන්‍ය ජීවිතය ගත කරන බහුතරයක් දෙනා අද වෙද්දිත් මූල්‍ය අර්බුද රැසකට මුහුණ දෙමින් ජීවිතය ගත කරනවා කියන දේ අමුතු කතාවක් නෙවෙයි.ඒ වගේම ජනතාවට අත්‍යවශ්‍යම පාරිභෝජන භාණ්ඩයක් ලෙස එල්.පී.ගෑස් මිල වෙනස් වීම් සම්බන්ධයෙනුත්  නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජය තුළ විවිධ කතිකාවන් ගොඩනැගුණා.

ලංකාවේ ප්‍රමුඛතම එල්පී ගෑස් සැපයීමේ මූලිකත්වය දරන ලිට්රෝ සමාගම  දැඩි ආර්ථික අවපාතය හමුවේ විටින් විට ජනතාවට විවිධ සහන ලබාදීම සිදුකළා.ඒ සහනදායී අවස්ථාවන් යටතේ දෛනික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත් බහුතරයක් දෙනාට මේ මාසෙත්  ලිට්රෝ සමාගමෙන් සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා.

මේ කාල සීමාව ජාත්‍යන්තර වෙළඳපළේ ගෑස් මිල ඉහල ගිහින් පවතින කාලසීමාවක්.නමුත් එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක උනත් ආයතනයක් වශයෙන් තමන්ට දරන්නට සිදුවන පාඩුව විඳ දරාගෙන පෙබරවාරි මස තුළදී කිසිදු ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කිරීමක් සිදු නොකිරීමට සමාගම තීරණය කර ඇති බවට ලිට්රෝ  සභාපතිතුමා නිල වශයෙන් ප්‍රකාශ කළා.

 මේ ආකාරයෙන් හෝ යම්කිසි සහනයක් ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳව ලිටරෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා හදවතින්ම සතුටු වන බවටත් අවසානයේ ප්‍රකාශ කළා.

ආර්ථික අවපාතය යටතේ ජනතාවට සහන සැලසීමට ලිට්රෝ සමාගම ගත් හොඳම තීරණය

ලංකාවේ බොහොමයක් ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ලිට්රෝ  ගෑස් සමාගම කියන්න බහුතරයක් දෙනා දන්නවා. ආයතනයක් වශයෙන් ලිට්රෝ ගෑස් සමාගම නොයෙකුත් දුෂ්කර කාල වකවානුවක් තුළ ශක්තිමත් වෙමින් අද වන විට ස්ථාවරත්වයක් ගොඩනගාගෙන අවසන්. පසුගිය දවසක ඔවුන් විසින් උපයා ගත් ලාභාංශ මුදලින් රුපියල් බිලියන තුනක මුදලක් රජයේ භාණ්ඩාගාරය වෙත ප්‍රධානය කිරීමත් සිදුවුණා.

වර්තමානයේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ අර්බුදකාරී තත්ත්වය,ලෝක අර්බුදකාරී තත්ත්වයන්,නැව් ගමනා ගමන ගාස්තු ඉහල යාම වැනි සාධක මත එල්.පී ගෑස් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.ඒ නිසාම ජාත්‍යන්තර වෙළඳපළේ මේ වෙද්දීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වෙන්නේ ඉහළ මිලකට.

නමුත් ලිට්රෝ සමාගම මේ පවතින අධික බදු බර නිසා නැවත වතාවක් ජනතාවට පීඩනයක් නොදීමට ජාත්‍යන්තර වෙළඳපළ තුළ එල් පී ගෑස් මිල කොතරම් ඉහළ ගියත් එකී පාඩුව විඳ දරාගෙන  පෙබරවාරි මසදීත් කිසිදු මිල වෙනස් කිරීමකින් තොරව සමාගමක් වශයෙන් ඉදිරියට යාමට තීරණය කර ඇත.

ඉතින් සුවහසක් පරිභෝජකයන්ට මේ අවස්ථාව සහනදායී අවස්ථාවක්.දුර දක්නා නායකත්වය නිසි කලට වෙලාවට ඇවැසි තීරණ ගැනීම,ලාභ පාඩුව විඳ දරා ගැනීමට හැකි ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ගොඩනගා ගැනීම වැනි සාර්ථකත්වයන් නිසා ලිට්රෝ  සමාගමට අද දින මෙම සහනය ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා.

අවසානයේ ලිට්රෝ  සමාගමේ ගරු සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කළේ ජනතාව වෙනුවෙන් ආයතනයක් වශයෙන් දැරීමට සිදුවන අලාභය විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් බවයි

ලිට්රෝ සමාගමෙන් 2023 වර්ෂයේදී රුපියල් බිලියන තුනක ලාභයක් රාජ්‍ය භාණ්ඩාගාරයට.

 

දැඩි ආර්ථික අවපාත හමුවේ ඉදිරියට යමින් රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම  2023 වර්ෂයේ ලාභය ලාභාංශ විදිහට රජයට ගෙවීමට තීරණය කර තිබෙනවා. රුපියල් බිලියන 1.5 මුදලක් ජාතික රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගමේ මව් සමාගම හරහා  රජයේ භාණ්ඩාගාරය වෙත එකී මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතයි.

මීට කලින් ඔක්තෝබර් මාසයේදීත් බිලියන එක හමාරක මුදලක් ලිට්රෝ  සමාගම රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ගෙවූ අතර,මේ ලෙස අද දින නැවතත් මේ මුදල් ගෙවීම සිදු කරන්නේ ලිට්රෝ  සමාගම ගෙවන දෙවැනි රුපියල් බිලියන එක හමාර ලෙසයි.සමස්තයක් ලෙස ගත් විට 2023 වර්ෂය සඳහා ලිට්රෝ  සමාගම ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන තුනක මුදලක් ගෙවා ඇති බවට අද දින පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාවේදී ලිට්රෝ සභාපතිතුමා සඳහන් කලා.

අපමණ අභියෝගතා පැවතියත් එවැනි කාල වකවානුවක් තුළ රජයට ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශයට මුදල් ඇවැසි මොහොතක රුපියල් බිලියන තුනක ලාභයක මුදලක් රාජ්‍ය ආයතනයක් වශයෙන් ගෙවීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ලිට්රෝ  ආයතනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සභාපති තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

වැට් බදු වැඩිවීමත් සමගම ලිට්රෝ ගෑස් සමාගමේ සංශෝධනය වූ නවතම මිල ගණන්

 


2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය තීරණය ගත් පරිදි වැඩ බදු සංශෝධනය සිදුකිරීම නිසා මේ වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වර්තමාන මිල පෙර මිලට වඩා ඉහලයාම සිදුවුණා. ඒ අතරින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලත් මේ ආකාරයේ සංශෝධනය වීමක් සිදුවුණා.

2024 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් ඉහළ දැමීම සිදු කල අතර ඒ අනුව 12Kg සිලින්ඩරයක වර්තමාන මිල රු.4250 ක් ලෙස සංශෝධනය වන විට 5Kg ගෑස් සිලින්ඩරය මිල රු. 276කින් වැඩි වන අතර එහි වර්තමාන මිල රුපියල් 1707 ලෙස සඳහන්.

ඒ වගේම 2.3kg කුඩාම ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 157 කින් ඉහළ දමන අතර එහි වර්තමාන මිල රුපියල් 795 ක් ලෙස සඳහන්.

වෙළඳපොළ තුළ පවතින අනෙකුත් ගෑස් බෙදාහැරීමේ ආයතනය 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4705.00ක් ලෙස ඉහළ දමද්දී 5Kg එක මිල රු 1885.00ලෙස ඉහළ ගිය අතර, 2Kg ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රු.755.00 ලෙස නියම කිරීමට තීරණය කළා.

නමුත් වෙළඳපල තුළ පවතින අනිකුත් ගෑස් සැපයුම් සමාගමට වඩා රුපියල් හාරසීයක් පන්සීයක් අතර ප්‍රමාණයේ සහනදායි මිල අවස්ථාවක් ලිට්රෝ සමාගම සිය පාරිභෝගිකයට ලබා දී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 99%ක්ම මේ මිල ඉහල යාම සිදුවුණේ රජය පැනවූ වැට් බදු නිසා බව ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මැතිතුමා සඳහන් කළා. වර්තමානයේ ගෑස් මිල ගියවර මිල සමග සංසන්දනය කරන විට සාමාන්‍යයෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ යාමක් සිදු වුණා.

කෙසේ නමුත් රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ක්‍රියාත්මක වූ මේ වැට් බදු ඉහළ දැමීම නිසා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක

මිල ඉහළ යාමක් සිදුවුණත් ඉදිරියේදී මිල පහත හෙළීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ලිට්රෝ සමාගම සූදානම් බව ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළා.

ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම




එල්පී ගෑස් සම්බන්දෙන් කතා කරද්දි මේ වෙද්දි ජාත්‍යන්තර වෙළෙඳ පළ විවිධ ආකාරයෙන් මිල උච්චාවචනයන් වලට මුහුණ දුන්නු කාලසීමාවක්.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල උච්චාවචනයන් සෘජුවම ලංකාවෙ අපිටත් බලපානවා.ඒ කෙසේ නමුත් වගකියයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම ඉදිරි උත්සව කාලය වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගැනීමට කටයුතු කළා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතෙක් මිල උච්චාවචනයන් සිදු වුණත් එල්පී ගෑස් සිලින්ඩරයක මිල පවතින මිල අනුවම පාරිභෝගිකයන්ට ලබා දීමටත් මිල මිල සංශෝධනයක් මේ මස සිදු නොකිරීමටත් ලිට්රෝ සමාගම තීරණය කර ඇත.ඒ අනුව 12.5Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565යක් යටතේ අලවි කිරීමට නියමිතයි.

හෙට සුරකින අපේ ළමයි අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලිය අති සාර්ථකව අවසන් වේ





අනාගත ලෝකය තුළ ඉදිරි පරපුර නියෝජනය කරන්නේ ආදරණීය දරුවන්.ඉතින් හෙට සුරකින අපේ ළමයි වෙනුවෙන් කවදත් පෙරමුණ ගන්නා ලිට්රෝ සමාගම පසුගිය දවසක අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලියක් සැලසුම් කළා.මෙම තරගාවලයේ මූලික අරමුණ වුණේ එල්පී ගෑස් භාවිතා කිරීමේදී ආරක්ෂා විය වියයුත්තේ කෙසේද සහ ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඉදිරි පරපුර දැනුවත් කිරීමයි.

ඒ අනුව ආරම්භ වූ අන්තර් පාසල් දැනුම මිනුම කථික තරගාවලියේ අවසන් මහා තරග පසුදිනක පැවැත්වූ අතර ඒ තුළින් දක්ෂ කථිකයන් සහ නුවණැති දරුවන් කොට්ඨාශයක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා.

හෙට සුරකින අපේ ළමයි කියන තේමාව යටතේ පාසල් දරුවන් අතර විධිමත් තරගාවලියක් ආරම්භ කළ ලිට්රෝ සමාගමට මුලින්ම මේ තරඟාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රමුඛ දායකත්වයක් ලැබුණා.

දිවයින පුරා පාසල් 264ක් එවගේම තරඟකරුවන් 1320ක් උණුසුම් තරග වට සිය ගණනක් සමගින් හෙට සුරකින අපේ ළමයි අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලිය ආරම්භ වූ අතර අති සාර්ථක ආකාරයෙන් සමස්ත දිවයිනම ආවරණය කරමින් මේ තරගය පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් සිහිපත් කළ යුතුයි.

කථික තරගය අවසන් වටය නියෝජනයේ කළේ තණමල්විල ජාතික පාසල සහ හොරණ රාජකීය විද්‍යාලයයි. පාසල් දෙක අතර පැවැති තියුණු තරගාවලියෙන් අනතුරුව අවසානයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ තණමල්විල ජාතික පාසලයි. එවගේම ජයග්‍රහනය ලැබූ කණ්ඩායම් සහ අනු ශූරතාවශූරතාවය ලැබූ කණ්ඩායම් වෙනුවෙන් ලිට්රෝ සමාගම ඉතාමත් වටිනා කියන ත්‍යාග ලබා දීමත් සිදු කළා.

ඉතින් මෙවැනි සමස්ත ලංකා මට්ටමෙ තරගයක් සංවිධානය කිරීම තුළින් ඇත්තටම ඉදිරි පරම්පරාවට එල්පී ගෑස් පරිභෝජනයේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා.

එනිසාම ලිට්රෝ වැනි දැවැන්ත සමාගමක් අනාගතය වෙනුවෙන් මෙවැනි අති දැවැන්ත තරගාවලියක් සංවිධානය කිරීමෙන් සිදුකළ අනාගත ආයෝජනය අගය කළ යුතු අතරම මෙවැනි උදාර සංකල්පයන් යළි යළි ක්‍රියාවට නංවන්නට ලිට්රෝ සභාපතිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.










අපේ රටේ ව්‍යාපාර වල දියුණුවට ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය

ශ්‍රී ලංකාව කියන්නේ දරුණු ආර්ථික උද්ධමනයකට මුහුණ දීමෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් නැවතත් ස්ථාවර තත්වයකට පත් වෙමින් තිබෙන රටක්. මේ නිසාම අපේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ස්ථාවරව පවත්වාගෙන යාම සහ ඒ ඔස්සේ ලාභ ලැබීම ඒ තරම් පහසු කාරණයක් නෙමෙයි. රටේ තිබෙන සෑම භාණ්ඩයකටම සහ සේවාවකටම වටිනාකමටත් වඩා වැඩි මිලක් නියම වී තිබෙන මේ වටපිටාව තුල තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නට ව්‍යාපාරිකයන් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටිනවා. බොහොමයක් ව්‍යාපාරික කටයුතු වලදී ගින්දර භාවිතයෙන් සිදු කරන කටයුතු සදහා දර හෝ දහයියා වැනි ප්‍රාථමික ඉන්ධන භාවිතා කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා. ඉතින් අපි කලින් සදහන් කල ඉන්ධන වලට වඩා ලිට්රෝ ගෑස් භාවිතා කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ලැබෙන වාසි ගැන වගේම අපේ රටේ ව්‍යාපාර වල දියුණුවට ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න අපි සූදානම්.

01. පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රියමනාප වටපිටාවක් නිර්මාණය කිරීම.

ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ බොහොමයක් වෙලාවට ව්‍යාපාරයක් වෙත පාරිභෝගිකයෙක් ඇදී එන්නේ එම ව්‍යාපාරය අවට තිබෙන වටපිටාව පිළිබදව සැලකිලිමත් වීමෙන් පසුවයි. දර නිසා අධිකව ඇති වන දුම, භූමිතෙල් නිසා ඇතිවන දුර්ගන්ධය වැනි කරුණු නිසා පාරිභෝගිකයන්ට එම ව්‍යාපාරික ස්ථානය ඒ තරම් ප්‍රසංසනීය ගැගීමක් ඇති කරවන්නේ නැහැ. නමුත් එල් පී ගෑස් භාවිතා කිරීමේදී අනවශ්‍ය දුමක් හෝ දුර්ගන්ධයක් නිකුත් නොවන නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය සුවදායී වටපිටාව නිර්මාණය වීම සිදු වෙනවා. මේ නිසා වැඩි පාරිභෝගික ආකර්ශණයක් හිමි වීම ව්‍යාපාරිකයන් එල් පී ගෑස් භාවිතා කිරීමෙන් ලබන එක් ප්‍රධාන වාසියක් වෙනවා.

02. භාවිතයේ සහ ගබඩා කිරීමේ පහසුව.

දර වැනි ඉන්ධන ගබඩා කිරීමේදී ඒවා නොතෙමී තබා ගැනීම, වේයන්ගෙන් වන හානි වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධාකර ක්‍රම සහ විධි අනුගමනය කල යුතු වෙනවා. ඒ වගේම ඒ සදහා අමතර ඉඩක් සහ කාලයක්ද වෙන් කිරීමට ව්‍යාපරිකයන්ට සිදු වෙනවා. ඒ වගේම වැසි සහිත කාලගුණ තත්වයන් වලදී දර භාවිතය හෝ ප්‍රවාහනය කිරීම ඒ තරම් පහසු වෙන්නේ නැහැ. නමුත් එල් පී ගෑස් ටැංකි වශයෙන් පවතින නිසාත් අඩු ඉඩකඩක් තුල ගබඩා කල හැකි නිසාත් ව්‍යාපාරිකයන්ට පහසුවෙන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ හිමි වෙනවා.

03. සහනදායී මිල සහ මිලදී ගැනීමේ පහසුව.

ශ්‍රී ලංකාව පුරාම විහිදුණු අලෙවි නියෝජිත ජාලය මගින් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට සරිලන එල් පී ගෑස් ටැංකි විවිධ ප්‍රමාණවලින් මිලදි ගන්නට පුළුවන්. ඒවගේම ලෝක එල් පී ගෑස් මිලේ සිදුවෙන වෙනස් වීම් සහ සංශෝධන වල සහන මිල සෘජුවම පාරිභෝගිකයන්ට ලබා ගැනීමටත් ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ට අවස්ථාව සලස්වා දි තිබෙනවා. මේ නිසා අපිට අවීවාදයෙන් පිළිගත හැකි කරුණ වන්නේ ව්‍යාපාර සාර්ථක කර ගැනීම සදහා එල් පී ගෑස් භාවිතය ඉතා වැදගත් සාධකයක් බවයි.

කලින් කතා කලා වගේම අපේ රට මේ වන විට උද්ධමනය නිසා පීඩා විදිමින් ක්‍රම ක්‍රමයෙන් එයින් මිදෙමින්, නැගී සිටිමින් සිටින රටක්. ඉතින් ඒ නිසාම අපේ රටේ ව්‍යාපාර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගැනීම සදහා ලිට්රෝ ගෑස් දක්වන දායකත්වය සුළු කොට තැකීමේ හැකියාවක් අපිට නැහැ. ඒ නිසාම ලිට්රෝ ගෑස් සමාගම අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙමින් අනෙකුත් සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සාර්ථක කිරීම සදහා දක්වන සහයෝගය අනිවාර්යෙන්ම අගය කල යුතු එකක් වෙනවා.

රක්ෂිතවල අක්කර ලක්ෂ 3ක් කෝටිපතියන්ට බෙදලා

No comments 0

දිවයින පුරා වනරක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන්  ලක්ෂ තිස් දෙදහසක් කෝටිපති ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් ඇතුළු  විවිධ තරාතිරම්වල  පිරිස් සඳහා වගා කටයුතු ඇතුළු නොයෙකුත්  ව්‍යාපෘති  වෙනුවෙන් මේදක්වා නිදහස් කර ඇතැයි  තොරතුරු අනාවරණයවී ඇති බව  පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

වන රක්ෂිතවල ඉඩම් මෙලෙස විවිධ පුද්ගලයන්ගේ මනදොළ සැපිරීම සඳහා මෙලෙස  නිදහස් කිරීමෙන්  රටේ පරිසරයට බරපතළ  තර්ජනයක් ඇතිවන  බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අතර 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි මරණ 1967ක් සිදුවී ඇති අතර අලින්ගේ පහරදීම හේතුවෙන් පුද්ගලයන් 667 දෙනකු  මරුමුවට පත්ව ඇතැයිද  එම කාරක සභාවේදී තොරතුරු හෙළිවිය.

ගෑස් භාවිතයෙන් කාලයත් මුදලුත් ඉතිරි කරමින් පහසුවෙන් ආහාර පිස ගන්න ටිප්ස් 5 ක්




එල්පී ගෑස් කියන්නේ අපේ රටේ ව්‍යාපාර කටයුතු වලට වගේම නිවසේ එදිනෙදා කටයුතු සදහාත් එකසේ භාවිතයට ගැනෙන ප්‍රධාන ඉන්ධන වර්ගයක්. කාර්යබහුල ගෘහණියන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු කරන්න වගේම ඔවුන්ගේ කාලය ඉතුරු කරන්නත් අනෙකුත් ඉන්ධන වලට සාපේක්ෂව එල්පී ගෑස් වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ගෘහණියන්ගේ ජිවිතය වඩාත් පහසු කරවන එල්පී ගෑස් භාවිතයෙන් කාලයත් මුදලුත් ඉතිරි කරමින් ආහාර පිසගන්න පුළුවන් ටිප්ස් පහක් අද ලිපියෙන් අපි අරගෙන එනවා.

01. ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීම.

ගෑස් ලිපේ ආහාර පිසින විට විවිධාකාර භාජන භාවිත කරන්නට පුළුවන්. නමුත් ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීමේදී අනික් සියලුම භාජන වලට වඩා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ආහාර පිසීමේ හැකියාව ලැබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රෙෂර් කුකරයක් තුල නිපදවෙන අධික උෂ්ණත්වය පිටතට ගමන් නොකරන නිසා සෙල්සියස් අංශක 100 ක තරම් උෂ්ණත්වයක් සහිත වටපිටාවක් තුල ආහාර ඉක්මනින් තැම්බීම සහ පිසීමයි. ප්‍රෙෂර් කුකරයක් භාවිතා කිරීමේදී ආහාර ඉක්මනින් පිස ගැනීමට හැකි අතරම වැය වන එල්පී ගෑස් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගැනීමේ හැකියාවත් පවතිනවා.

02. එක වර ආහාර පිස ගැනීම.

ඔබත් කාර්යබහුල ගෘහණියක් නම් වරින් වර ආහාර පිසීම වෙනුවට එකවර ආහාර වර්ග කිහිපයක් පිස ගැනීම වඩාත් සුදුසු වෙනවා. බොහෝ වෙලාවට එක් ආහාර වර්ගයක් පිසෙන විට ලිප දැනටමත් රත් වී තිබෙන නිසා නැවත නැවත ලිප රත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අනවශ්‍ය කාලයක් සහ ගෑස් වැය කිරීමකින් තොරව මේ ක්‍රමය හරහා එක වර ආහාර වර්ග කිහිපයක් පිස ගැනීමට ඔබට පුළුවන්.

03. ගෑස් ලිපේ අමතර කොටස් නිතර පරීක්ෂා කිරීම.

ගෑස් ලිපක් භාවිතා කරන විට බොහෝ වෙලාවට එහි අමතර කොටස් පිළිබදව සැලකිලිමත් විය යුතු වෙනවා. බර්නර්, ආධාරක සහ රෙගියුලේටරය වැනි අමතර කොටස් ඉතා හොද තත්වයේ තිබීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. ලිපේ දැල්ල නිසියාකාරව දැල්වීම අත්‍යාවශ්‍ය කාරණයක්. මේ නිසා මසකට වරක් හෝ ගැලවිය හැකි කොටස් ගලවා ඒවා පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.

04. උණුවතුර බෝතල් සහ ආහාර වල උණුසුම ආරක්ශා වන බදුන් භාවිතා කිරීම.

නිවෙස් වල බොහෝ වෙලාවට ආහාර පිසීමට අමතරව එල්පී ගෑස් භාවිතා වෙන්නේ ජලය රත් කිරීමට සහ ආහාර නැවත නැවත රත් කිරීම සදහායි. නමුත් උණුවතුර බෝතල් සහ ආහාර වල උණුසුම ආරක්ශා කරන බදුන් භාවිතා කිරීම මගින් නැවත නැවත ජලය උණු කිරීම සහ නැවත නැවත ආහාර රත් කිරීම සදහා වැය වන අනවශ්‍ය මුදල සහ කාලය ඉතිරි කරගන්නට පුළුවන්.

05. අවශ්‍ය ආකාරයට ගිනි දැල්ල අඩු වැඩි කිරීම.

ආහාර වර්ග එකකට එකක් විවිධාකාර නිසා ගෑස් ලිපේ දැල්ල විවිධාකාර ප්‍රමාණ වලින් තිබීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඒ ඒ ආහාර වර්ගයට අදාල ප්‍රමාණයට ගෑස් දැල්ල සීරුමාරු කිරීම මගින් වැය වන එල්පී ගෑස් ප්‍රමාණය ඉතුරු කරගන්නට පුළුවන්.

වියදම් වැඩි මේ කාලයේ වියදම් අඩු කරගන්න වගේම නිවසේ වැඩ කටයුතු පහසුවෙන් ඉටු කරගන්නත් එල් පී ගෑස් අපේ රටේ ගෘහණියන්ට ලබා දෙන්නේ සුළු පටු සහයෝගයක් නෙමෙයි. ඉතින් අපි අද ලිපියේ සදහන් කරපු ටිප්ස් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න වගේම ඔයාගේ එදිනෙදා ජිවීතය පහසු කරගන්නත් මේ ටිප්ස් භාවිතා කරන්න අමතක කරන්න එපා.

මිනිස්සුන්ට බරක් නොදැනෙන්න ගෑස් මිල පාලනය කළ ක්‍රමය මෙන්න

 



ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඔක්තෝම්බර් පළමුවෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ අතර ඒ අනුව 92 පෙට්‍රල් රු.04 කින්, 95 පෙට්‍රල් රු.03 කින්, ඔටෝ ඩීසල් රු.10 කින් සුපර් ඩීසල් රු.62 කින් සහ භූමිතෙල් රු.11 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් රු.365ක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර 95 පෙට්‍රල් ලීටරයක මිල සදහන් වන්නේ රු. 420 ක් ලෙසයි. එසේම ඔටෝ ඩීසල් වල නව මිල රු. 351 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක් රු.421 ක් ලෙසත් භූමිතෙල් ලීටරයක් රු.242 ක් ලෙසත් ඉහල ගොස් තිබෙනවා. මේ නිසා ඉදිරියේදී බස් සහ ත්‍රීවිල් ගාස්තු වලද වැඩිවීමක් සිදු වීමට නියමිත බව බොහෝ දෙනෙකුගේ අදහසයි.


ඇමරිකාව තුල වේගයෙන් ඉහල යන උද්ධමනය, යුක්‍රේන සහ රුසියා යුද්ධය, කොරෝනා වසංගතයෙන් පසු චීනයේ ආර්ථිකය විවෘත වීම නිසා ඇති වූ දැඩි එල් පී ගෑස් ඉල්ලුම වගේම ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය විසින් ගණු ලබන විවිධාකාර තීන්දු සහ තීරණ නිසාත් නොසිතූ විරූ අයුරින් ලෝක එල් පී ගෑස් වෙළදපලේ මිළ ඉහල යාම පිළිබදව මාස කිහිපය පුරාම වාර්තා වුනා. 2023 වසරේ අගෝස්තු මාසයේ ඇමරිකාවේ ගෑස් ගැලුන් එකක මිල 3.86 ක් ලෙස සදහන් වුනත් ඊට පෙර සතියේ ගෑස් මිල වාර්තා වී තිබුනේ ගෑස් ගැලුන් එකක මිල ඩොලර් 3.85 ක් ලෙසයි. මෙම දත්ත වලට අනුව සාමාන්‍යයෙන් වර්ෂයක් තුල වැඩිවෙන ගෑස් මිලට වඩා 22% ක වැඩි වීමක් මෙම වසර මැද සිදු වී ඇති බව ආර්ථික විශේෂඥයන් වැඩි දුරටත් පෙන්වා දුන්නා. මේ තත්වයන් නිසා ගෑස් මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යද්දීත් ශ්‍රී ලංකාවේ ජනතාවට එම දැඩි පීඩනය එල්ල වීම වැලැක්වීමට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතීත්වය සහ කළමණාකාරීත්වය කටයුතු කළා. ඒ අනුව අගෝස්තු මාසය වන තුරුම නිවරදි කළමණාකාරීත්වය නිසා මිල ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් සහ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහල යද්දීත් මිල ස්ථාවරව තබා ගන්නට ලිට්රෝ සමාගම කටයුතු කලා. ලෝක වෙළදපලේ මිල ඉහල යාම නිසා පසුගිය මාසයේදී රු.2982 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 145 කින් පමණක් ඉහළ දැමුණු අතර එහි නව මිල වාර්තා වුනේ රු.3127 ක් ලෙසයි. ලෝක වෙළදපලේ ගෑස් මිල නොසිතූ විරූ අයුරින් ඉහළ යද්දීත් එම තත්වය පාලනය කරමින් සහ ඉතා සුළු අගයකින් ඉහළ දමමින් තමන්ගේ පාරිභෝගික ජනතාවට සලසන සහනය උද්ධමනය නිසා පීඩා විදින ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් බවට පත් වී තිබෙනවා.
© all rights reserved
Designed by IDAPZ