Responsive Ad Slot

ගම්පහ පාසලක කැන්ටීමෙන් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් තොගයක් හමුවෙයි

 


පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන ආ බවට සැකකරන අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් තොගයක් ගම්පහ මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාවේ සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (05 දා) පෙරවරුවේ සොයාගෙන ඇත.


මෙම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මල්වතුහිරිපිටිය පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සහ මත්කරල් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.


මෙම පාසලේ ඇතැම් දරුවන් කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතයට ඇබ්බැහි වී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර තිබිණි.


ඒ අනුව ඊයේ උදෑසන පොලිස් කණ්ඩායමක් එම පාසල වෙත ගොස් සිදුකළ විමර්ශනයකදී ආපනශාලාවේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් 38 ක් සොයාගැනීමට හැකි විය.


මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.


ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත මල්වතුහිරිපිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපති ඒ. විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

බොරැල්ලේ පෞද්ගලික රෝහලක කරපු අහස පොළව නුහුළන අපරාධය

 




රෝහලේ ලොක්කන්ට රට යෑම තහනම්

මේ වසරේ කරපු වකුගඩු සැත්කම් 52 ගැනත් විමර්ශන


ප්‍රධාන තැරැව්කරුත් රිමාන්ඩ් බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් මූලික කරගෙන සිදු කළේ යැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තැරැව්කරුවකු ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (06දා) නියෝග කළාය.


පැමිණිලිකරුවන්ගේ වකුගඩු ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකර ඇතැයි කියන එම පෞද්ගලික රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු අධ්‍යක්‍ෂවරුන් 06 දෙනකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයාට හා බුද්ධි අංශ නිලධාරීන්ට යැවීමට ද නියෝග කළාය. එම තැරැව්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කොට ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය. එම නඩුව ඊයේ (06දා) කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වන දිළිඳු පුද්ගලයන් හමුවී ඇති තැරැව්කරු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් එක් වකුගඩුවක් සඳහා රුපියල් ලක්‍ෂ 50 සිට ලක්‍ෂ 120 දක්වා මුදල් ගෙවන බවට පෙන්වා සුබ සිහින මවා එලෙස වකුගඩු ලබාගෙන ඇතැයි අධිකරණයට පෙන්වා දුන්නේය. පසුගිය අගෝස්තු 03 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා වූ කාලය අතරතුර වයස අවුරුදු 30-42 අතර වයසේ පසුවන කාන්තාවක් ඇතුළු හයදෙනකුගෙන් එලෙස වකුගඩු ලබාගෙන ඇතත් ඔවුනට පොරොන්දු ප්‍රකාරව මුදල් ගෙවා නොමැති බවත් ඉන් කෝපයට පත් එම පිරිස පසුගිය 17 වැනිදා එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.


එම අවස්ථාවේදී එම පිරිස බොරැල්ල ප්‍රදේශයේම පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය අසලට කැඳවාගෙන පැමිණ ඇති මේ වනවිටත් පොලිස් සේවයේ යෙදී සිටින එක්තරා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු එක් අයකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ලබාදී මින්පසු එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කළහොත් අතපය කඩන බවට තර්ජනය කර යළිත් මුදල් ඉල්ලා නොසිටින බවට සඳහන් කළ දිවුරුම් ප්‍රකාශවලට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය. පොලිස් නිල ඇඳුමෙන් සැරසී එලෙස එම රෝහල ආරක්‍ෂා කිරීම සඳහා පෙනී සිටි එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා අධිකරණයට පෙන්වා දුන්නේ එලෙස එකඟවූ පරිදි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හයදෙනා අතරින් එක් පුද්ගලයකු ඔහුගේ වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන එක්තරා සුප්‍රකට මහාචාර්යවරයකුට බද්ධ කිරීම සඳහා බවත් එම පැමිණිලිකරුට රුපියල් ලක්‍ෂ 95ක් ලබාදෙන බව පවසා ඇතත් එම මුදල ලබාදී නැතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එම අධ්‍යක්‍ෂ මණ්ඩලය පරීක්‍ෂණවලින් මගහැර රටින් පලායෑමේ අවදානමක් පවතින බැවින් විදේශ ගමන් තහනම ඉල්ලා සිටින්නේ යැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පෙර කී පුද්ගලයන්ට සිදුකළ වකුගඩු ඉවත් කිරීමේ සැත්කම්වලට අමතරව එම පෞද්ගලික රෝහලේදී මෙම වසර තුළදී පමණක් වකුගඩු ඉවත් කිරීමේ හා බද්ධ කිරීමේ සැත්කම් 52ක් සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් ද වැඩිදුරටත් විමර්ශන සිදුකරන්නේ යැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.


මෙලෙස අහිංසක ජනතාව රවටා ලබාගන්නා වකුගඩු දේශීය හා විදේශීය වශයෙන් ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයක් ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2022.11.21 වැනිදා දෙරණ රූපවාහිනියේ උකුස්සා නමැති වැඩසටහන කළ අනාවරණයක් අනුව ඒ සම්බන්ධයෙන් තොරතුරු සමාජගත වූ බවද පෙන්වා දුන්නේය. නීතිඥ වෘත්තියට වඩා වෛද්‍ය වෘත්තිය උතුම් බව සමාජය තුළ මතයක් ඇති බවත් ජීවිත සුරැකීමට කැපවිය යුතු වෛද්‍ය වෘත්තිකයන් එවැනි කූට ජාවාරමකට සම්බන්ධවීම සෝචනීය බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


ඒ. ජේ. ඒ. අබේනායක

පාසල් අසල ගැවසෙන කුඩ්ඩන් අල්ලන්න එස්ටීඑෆ් එක ගේමට බහියි










පාසල් දරුවන් මතට හුරුකරමින් පාසල් අසල මත්පෙති වර්ග ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.


නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මේ සඳහා වැඩිපුර නිලධාරීන් පිරිසක් යෙදවීමේ අදහසින් බන්ධනාගාර පරීක්‍ෂාවට සහ අධිවේගී මාර්ග රාජකාරි සඳහා යොදවා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි කැඳවීමට කටයුතු කර ඇත.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 0112580518 යන දුරකථන අංකය වෙන් කෙරුණු බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.


දවසේ පැය 24 පුරාම ජනතාවට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු එම දුරකථන අංකය ඔස්සේ ලබාදිය හැකි අතර, තොරතුරු ලැබී විනාඩි කිහිපයක් තුළ මෙහෙයුම් දියත් කිරීමට විශේෂ කාර්ය බළකායේ සියලු කඳවුරු සූදානම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සමන් ගමගේ

ලංකාවේ සිදුවෙන මිනිස් අවයව ජාවාරම ගැන තවත් රහස් එළියට

 


බොරැල්ල රෝහලේ වෘෂණ කෝෂ ජාවාරම ගැන පුළුල් විමර්ශනයක්තරුණයකුගේ වෘෂණ කෝෂයට ලක්‍ෂ 70 ක ලන්සුවක්මෙහෙම කාටවත් අවයව විකුණන්න බැහැ

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

එම රෝහලේ මෙම ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම රෝහලේ සිදුකරන බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තවදුරටත් සොයා බැලීමේදී එහිදී වෘෂණ කෝෂ ජාවාරමක්ද සිදුවෙමින් ඇතැයි අනාවරණය වී ඇත.

එම රෝහලට වකුගඩු ලබාදීමට පුද්ගලයන් හඳුන්වා දුන් ‘බායි’ නමින් හඳුන්වන ප්‍රධාන තැරැව්කරු වෘෂණ කෝෂ ලබාදීම සඳහා ද පුද්ගලයන් කැඳවාගෙන පැමිණ ඇතැයි ද හෙළිවී තිබේ.

එලෙස ලබාදෙන වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්‍ෂ 70 ක ලන්සුවක්ද එම තැරැව්කරු විසින්ම තබා ඇත.

‘බායි’ නමැත්තා විසින් එලෙස මුදල් ලබාදෙන බවට පොරොන්දු වූ බව කියන තරුණයෙක් මාධ්‍යයට කරුණු රැසක් අනාවරණය කළේය. සිය අගහිඟකම් පියවා ගැනීමටත් නිවසක් මිලදී ගැනීමටත් තමා වෘෂණ කෝෂයක් ලබාදීමට එකඟ වූ බව ඔහු මාධ්‍ය හමුවේ පැවසීය. වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට එම රෝහල මගින් මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා පසුව තම වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

වෘෂණ කෝෂයක් ලබාදීමට සූදානමින් සිටි තරුණයා මාධ්‍ය හමුවේ මෙසේ පැවැසීය.

‘මල්ලී වකුගඩුවක් දුන්නා බායි කියන එක්කෙනාට. බොරැල්ල හොස්පිටල් එකේ. රුපියල් ලක්‍ෂ 22 ක් දුන්නා. ලක්‍ෂ 32 ක් දෙනවා කියලා පස්සේ ලක්‍ෂ 22 යි දුන්නේ. මල්ලිගේ සල්ලි මගේ අතට තමයි දුන්නේ. හොස්පිටල් එකේ ඇතුළේ තුන්වැනි තට්ටුවේ කාමරේදී සල්ලි දුන්නේ.

මල්ලි දුන්නු නිසා මටත් ණය තියෙන හින්දාත් ගේ කෑල්ලක් ගන්න ඕනෙ හින්දාත් මමත් දෙන්න හිටියා. දෙන්න යනකොට මගේ ඇඟ බර වැඩියි ඇඟ බස්සව ගන්න කියල කිව්වා. ඊට පස්සේ බායි මගෙන් ළමයි ඉන්නවද කියලා ඇහුවා. මම ඔව් කිව්වා.

ඔයා කැමතිද වම් පැත්තේ වෘෂණ කෝෂය දෙන්න රුපියල් ලක්‍ෂ 70 ක් දෙන්නම් කිව්වා. මම කැමති වුණා. මම ඇහුවා කොහේ හොස්පිටල් එකේද කියලා. මල්ලි වකුගඩුව දීපු හොස්පිටල් එකේ කරන්නේ කිව්වා. මම රුපියල් ලක්‍ෂ 70 කට දෙන්න කැමති වුණා. ලක්‍ෂ 70 ක් දෙන්නම් මේක ඉස්පිරිතාලේ කරමු කිව්වා.

මේක දුන්නට පස්සේ ළමයි හම්බවෙන්නේ නැහැ කැමතිද කියලා ඇහුවා. සල්ලි හම්බවෙන හින්දා ණය තියෙන හින්දා මම කැමතියි කිව්වා.

මෙම වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මේ ආකාරයෙන් කාටවත් ශරීරයේ අවයව මුදලට විකුණන්න බැහැ. මේ රෝහලේ වකුගඩු හා වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා කොළඔ අපරාධ කොට්ඨාසයෙන් පරීක්‍ෂණයක් පවත්වාගෙන යනවා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමක් පත්කර තියෙනවා. ඒ වාර්තාව ලැබුණාට පස්සේ ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියාසිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිලි හයක් ලැබී ඇති බවයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ඇන්ටන් ප්‍රනාන්දු


පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් නිවසේදී ගෙළ වැළලාගෙන

 




පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක කඩුගන්නාව, පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ගෙළ වැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තාවේ.


මෙය සිදුව ඇත්තේ සෙනසුරාදා (3) දහවල් කාලයේය. 54 හැවිරිදි දෙදරු මවක වන මෙම වෛද්‍යවරිය සැමියා හා දරු දෙන්නා සමග මෙම නිවසේ වාසය කරමින් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වෛද්‍යවරියගේ පුත්‍රයා පවසා ඇත්තේ තමා නිවසේ එදින සිටි බවත් දහවල් වනතුරු නිදා සිටි බවත් අවදිවී මව සොයා යාමේදී අනපේක්ෂිත ලෙස මව කාමරයේ ගෙළ වැළලාගෙන සිටියදී හමුවූ බවත්ය. සිරුර හමුව ඇත්තේ දහවල් 12.30 ට පමණය.



සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මව හා පුත්‍රයා පමණක් වන අතර නිවසින් බැහැර ගොස් සිටි වෛද්‍යවරියගේ දියණිය නැවත නිවසට රැගෙන ඒම පිණිස වෛද්‍යවරියගේ සැමියා පිටතට ගොස් තිබුණි.පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරිය හදිසියේ දිවි නසාගත් හේතුව තවම අනාවරණය නොවේ.


සිද්ධිය වන අවස්ථාවේ නිවසේ වෙනත් කාමරයක නිදාගෙන සිටි පුත්‍රයාට මවගේ ගෙළ වැළලාගැනීම අහම්බයක් වී තිබූ අතර  වෛද්‍යවරියගේ පුතාගෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කර තොරතුරු ලබාගෙන ඇත. වෛද්‍යවරිය පරිහරණය කළ දුරකථනය,



පරිගණකය හා ඇගේ පුද්ගලික ලියවිලි පිලිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබේ.මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී.පී. සේමසිංහ මහතා සිදු කරන අතර මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා සිදු කරනු ලබයි.

 කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙයි.

ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු ජනප්‍රිය නළුවෙක් එක්ක තිබ්බා කියන ලිංගික හුට පටය හෙළි කරයි



ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු ඇය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා ගැන ඇත්ත නැත්ත ළඟදී පුවත්පතකට හෙළි කළා. ඇය මෙසේ කියයි.


තරින්දි ඔබ ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධතාවක් තිබුණා කියලා පැතිරෙන කතාව මොකක්ද?


මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා මං ගැන කටකතා රාශියක් පැතිරිලා තියනවා. එක් කටකතාවක් තමයි මම ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධතාවක් පැවැත්වූවා කියලා. තවත් සමහරු කියන කතාවක් තමයි මම නළුවෙක් සමග හොර රහසෙම විවාහවෙලා මේ වෙද්දි එම විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නවා කියලා. මට කියන්න තියෙන්නෙ මේ කතා හැම එකක්ම පට්ටපල් බොරු කියලා. ලිංගික සම්බන්ධතා පවත්වන්න living together ඉන්නවත්, කාටවත් නොකියා හොර රහසේ විවාහ වෙන්නවත් මට අවශ්‍යතාවක් නැහැ. නමුත් මට ප්‍රේම සම්බන්ධතා නම් තිබිලා තියනවා. ජීවිතයේ වුණු විවිධ හැළහැප්පීම් නිසා ඒ ප්‍රේම සම්බන්ධතා බිඳවැටුණු අවස්ථාද මගේ ජීවිතයේ තිබිලා තියනවා.


ගින්නක් නැතුව එහෙම දුමක් නගියිද?


ගිනිගන්නෙ නැතුව එහෙම බොරුවට නගින මීදුම නම් ඕන තරම් තියනවා. මිනිස්සුන්ගෙ ජීවිතවලට අපහාස කරලා සතුටුවෙන්න බලාගෙන ඉන්න අය තමයි මේ විදිහෙ කතා හදන්නෙ.


පසුගිය දවසක ඔබ මුහුණු පොතේ ආදරය සහ නිදහස ගැන ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා. නිදහස නැති නිසා ඔබ ආදරය අත්හැරියද?


මම මුහුණු පොතේ ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා ‘ආදරය නිදහස් කළා, නිදහසට ආදරය කරමි’ කියලා. සමහරු මේ ප්‍රකාශය ගැන වැරදියට හිතලා කතාවක් හදලා තිබුණා නිදහස නැති නිසා මම මගේ පෙම්වතාව අතෑරියා කියලා. ඒක මගේ හිතට ආපු අදහසක් මත ලියපු සටහනක් මිසක මගේ ආදරය අත්හැරීම ගැන ප්‍රකාශයක් නෙවෙයි. ආදරයේදි මට නිදහස අහිමිවුණ අවස්ථා නැතුවාම නෙවෙයි. නමුත් ඒ ප්‍රකාශය එවැනි දෙයක් නිර්වචනය කරලා ලියපු එකක් නෙවෙයි.


ඔබ ප්‍රාර්ථනා කරන්නෙ මොනවගේ ආදරයක්ද?


මම බලාපොරොත්තු වෙන ඇත්ත පෙම්වතා තාම ඉන්නෙ මගේ හිත ඇතුළෙ.


ඔහුව සැබෑ ජීවිතයේදි තාම මට හමුවෙලා නැහැ. මම ආදරේදි පවුල් පසුබිම, රැකියාව, වත්පොහොසත්කම් බලන්නෙ නැහැ. මාව තේරුම් අරන් මගේ ගමනට සහයෝගය දෙන, දියුණු වෙන්න උත්සාහ කරන, ගතිගුණ හොඳ කෙනෙක්ව තමයි මම ආදරයේදි බලාපොරොත්තු වෙන්නෙ. පිරිමි අතරින් මේ තාක් එවැනි හොඳ මනුස්සයෙක් විදිහට මම දැක්කෙ මගේ තාත්තාව විතරයි. මගේ අම්මා මම පුංචි කාලෙදිම නැතිවුණා. තාත්තා තමයි තනියම මාව හදාවඩලා මේ තත්ත්වෙට ගෙනාවෙ. තාත්තාගෙ තියෙන පරාර්ථකාමී ආදරයට වඩා වෙන කිසිම ආදරයක් වටිනවා කියලා මම හිතන්නෙ නැහැ.


ඒ කියන්නෙ තරින්දි දැන්ම විවාහ වෙන්නෙ නැද්ද?


පෙම්වතෙක් හොයාගෙන විවාහ වෙන්න හදිස්සියක් මට නැහැ. මේ වෙද්දි මම මූලික තැන දීලා තියෙන්නෙ මගේ රංගන වැඩකටයුතුවලට. නමුත් මට ගැළපෙන හොඳ කෙනෙක් හමුවුණොත් ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන්කමකුත් තියනවා. ඉදිරියේදි අපි ඒ ගැන බලමු.









(ලක්ෂාන් ජයසූරිය)

රැකියාව නිසා ලංකාවේ කොල්ලෙක් ජීවිතය නැති කරගනී





 කොළඹ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනයක සේවය කරමින් සිටි මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී පරිගණක ඉංජිනේරුවෙකු අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ. ලියුමක් ලියා තබා සියදිවි හානි කරගෙන ඇති ඔහු හේතු වශයෙන් දක්වා ඇත්තේ රැකියා ආතතිය මත එල්ලවූ පීඩනය නිසා දිවි තොර කරගන්නා බවයි.


තණමල්විල ප්‍රදේශයේ සිට පැමිණි මිහිරාන් චතුරංග නමැති මෙම තරුණයා සේවය කරමින් සිටියේ Arimac නමැති ආයතනයේය. ඔහු හතර වතාවක් ඉල්ලා අස්වෙන්න උත්සාහ කර ඇතත් පවතින ගිවිසුම් නිසා නිසා එසේ කළ නොහැකි බවට ඔහුට එහි මානව සම්පත් අංශය දන්වා තිබී ඇත.


රාත්‍රී 10න් පසුවද සේවය වෙනුවෙන් ලැබෙන දුරකථන ඇමතුම් තිබීම (නිශ්චිතවම වෙන්වූ සේවා මුරයක් නොමැති වීම)නිවාඩු දිනවල ලැබෙන දුරකථන ඇමතුම් (නිවාඩු දිනයකද නිවාඩුවක් ලබාගැනීමට නොහැකිවීම)අන් අයගේ බාගෙට අවසන් කරන ලද ව්‍යාපෘති සහ අන් අයට පැවරෙන ව්‍යාපෘති තමාට පැවරීම (workload එක වැඩිවීම නිසා මානසික නිදහස අවම වීම)වැටුප් වැඩිවීම් සිදු නොවීම (කීපවතාවක් දැනුම් දීම් සිදුකරත් අවසානය වෙනතුරු පඩි වැඩි නොවීම)වැනි කාරණා ඔහුගේ කලකිරීමට හේතුවී තිබේ.


අමතර වැඩ බර, ආතතිය, වැඩ පීඩනය සහ අතිකාල වැඩ මත මානසික සෞඛ්‍යය සමබරතාව අහිමිවීමෙන් මෙලෙස ඔහු සිය වටිනා ජීවිතය අහිමි කරගෙන ඇති බවක් හදුනාගන්නට ලැබේ.


තණමල්විල ප්‍රදේශයේ සිට ඉහළින් උසස් පෙළ සමත්ව  මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය හිමිකරගෙන තිබුණ මිහිරාන් චතුරංග ඒයාර්මැක්හි සේවය කළේ මදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙසිනි.


තම ගැටලු  ගැනකීප වතාවක් ම ආයතන ප්‍රධානීන් දැනුවත් කළ ද එය පල රහිත වීම නිසා රැකියාවෙන් ඉල්ලා අස්වීමට හතර වතාවක් ඉල්ලා සිටියද සේවා ගිවිසුම් ආදිය පෙන්වමින් ආයතන ප්‍රධානීන් ඔහුව ආයතනයේ ම රඳවා ගැනීමට කටයුතු කර බැරිම තැන ඔහු මෙම තීරණය ගෙන තිබේ.





රති සුව වින්ද තරුණ තරුණියන් 429 ට එච්.අයි.වී


 පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී මෙරට එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇත. එම 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර එයින් 08 ක් කාන්තාවන් වන අතර ඉතිරි 140 පිරිමි පුද්ගලයන්ය.

සොරොව්වක සිරවී මැරෙන්න ගිය වල් අලියාට පිහිට වුන වනජීවී එකේ දෙවිවරු

 




පොලොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්‍රධාන ඇළට වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටුණු වල් අලියකු ඇළේ සොරොව්වක සිරවී සිටියදි පැය 8ක මෙහෙයුමකින් මුදා ගැනීමට වැලිකන්ද වනජීවීන් හා ප්‍රදේශවාසීහු කටයුතු කළහ.


එම වල් අලියා වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටි ජලයේ සැඩපහරට කිලෝමීටර් 17 ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, එහි සොරොව්වක පැයක පමණ කාලයක් සිරවී සිටි අලියා වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් ඉවත් කිරීමට උත්සාහ ගත්තද එම වන අලියා සොරොව්වෙන් ප්‍රපාතට වැටී ගසාගෙන ගිය බව වැලිකන්ද අඩවි සහකාර කේ.ඩී ජානක මහතා අප සමග කීවේය.


ටයර්, කඹ, යොදාගෙන වල් අලියා ස්ථාන දෙකකදී ගොඩගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ දැරුවද එය අසාර්ථක විය.


ඉබි යතුරු යොදා යකඩ සොරොව්ව වසා තිබුණු අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සොරොව්ව විවෘත කිරීමට පැමිණියද එම සොරොව්ව අක්‍රීය වීම නිසා වන අලියා සොරොව්වේ පැයක පමණ කාලයක් සිරවී සිටි බවත්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත, දැඩි උත්සාහයකින්, පසුව වැසි නොතකා අලියා සොරොව්වෙන් ඉවතට ගෙන එම අලියාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබුණු බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ,


(නිමල් ජයරත්න)

මගීන් 40කගේ ජීවිතය බේරු ලංකාවේ සුපර් මෑන්

 




ස්ප්‍රීංවැලි මේමලේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පෞද්ගලික බස්රථයක් අද (3) උදෑසන ඉබුල්ගොඩ දුම්බිලියාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමට ගිය අවස්ථාවේ එම අනතුර වළක්වා ගැනීමට එහි රියදුරුගේ දක්ෂතාව මත අනූනවයෙන් බේරාගෙන බස්රථය නවතා ගැනීම නිසා මගීන් 40කගේ  ජීවිත බේරුණු බව බදුල්ල පොලිසිය පවසයි. 

බස්රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි. 

බස්රථය ප්‍රපාතයට පෙරලී ගියේ නම් පහළ නිවාස කීපයක් මතට වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබිණ

© all rights reserved
Designed by IDAPZ