Responsive Ad Slot

Slider

පාසල් අසල ගැවසෙන කුඩ්ඩන් අල්ලන්න එස්ටීඑෆ් එක ගේමට බහියි










පාසල් දරුවන් මතට හුරුකරමින් පාසල් අසල මත්පෙති වර්ග ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.


නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මේ සඳහා වැඩිපුර නිලධාරීන් පිරිසක් යෙදවීමේ අදහසින් බන්ධනාගාර පරීක්‍ෂාවට සහ අධිවේගී මාර්ග රාජකාරි සඳහා යොදවා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි කැඳවීමට කටයුතු කර ඇත.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 0112580518 යන දුරකථන අංකය වෙන් කෙරුණු බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.


දවසේ පැය 24 පුරාම ජනතාවට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු එම දුරකථන අංකය ඔස්සේ ලබාදිය හැකි අතර, තොරතුරු ලැබී විනාඩි කිහිපයක් තුළ මෙහෙයුම් දියත් කිරීමට විශේෂ කාර්ය බළකායේ සියලු කඳවුරු සූදානම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සමන් ගමගේ

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ