Responsive Ad Slot

Slider

ගම්පහ පාසලක කැන්ටීමෙන් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් තොගයක් හමුවෙයි

 


පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන ආ බවට සැකකරන අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් තොගයක් ගම්පහ මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාවේ සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (05 දා) පෙරවරුවේ සොයාගෙන ඇත.


මෙම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මල්වතුහිරිපිටිය පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සහ මත්කරල් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.


මෙම පාසලේ ඇතැම් දරුවන් කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතයට ඇබ්බැහි වී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර තිබිණි.


ඒ අනුව ඊයේ උදෑසන පොලිස් කණ්ඩායමක් එම පාසල වෙත ගොස් සිදුකළ විමර්ශනයකදී ආපනශාලාවේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්කරල් 38 ක් සොයාගැනීමට හැකි විය.


මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.


ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත මල්වතුහිරිපිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපති ඒ. විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ