Responsive Ad Slot

Slider

පිළියන්දල ප්‍රදේශයේ මෝටර් රථයක ඇතුලේ සිරවී 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගිහින්



 පිළියන්දල ප්‍රදේශයේ නිවසක නතර කර තිබූ මෝටර් රථයක ඇතුලේ සිරවී එළියට ඒමට නොහැකිවීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවේ.

මාම්පේ , ජයමාවත පිහිටි මෙම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසේ පහළ තට්ටුවේ ගරාජයේ නවතා ඇති වාහනයට ගොස් ඇති මෙම සිසුවා නැවත ඉන් එළියට ඒමට නෙහැකිව ඇතුලේ සිරවී සිටියදී සොයාගෙන ඇත්තේ එම නිවසට ආ මිතුරෙකුට ආ සැකයක් මතයි. නිවසේ දොරවල් සියල්ල විවෘත කර රූපවාහිනියද ක්‍රියාත්මකව පැවතියත් ඇතුලේ කිසිවෙකු නැතියෙන් ඇතිවූ සැකයට සිදු කළ පරීක්ෂාවේදී සිසුවා සිරවී සිටිනු දැක තිබේ.

සිසුවාගේ මිතුරා වටපිට බලද්දී 'කියා පිකන්ටෝ' වර්ගයේ කුඩා වාහනයේ ඇතුලේ සිසුවා වැතිර සිටිනු දැක තිබේ.

සිසුවා වාහනය ඇතුලේ සිහිසුන්ව සිටි නිසාදෝ ප්‍රතිචාර දක්වා නැති අතර එකී මිතුරා සිද්ධිය සම්බන්ධයෙන් රැකියාවට ගොස් සිටි සිසුවාගේ පියාට දැනුම්දුන් පසු පියා පැමිණ සිසුවා එලියට ගෙන රෝහල් ගත කරන්නට කටයුතු කළ අතර රෝහල් දෙකකට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදුන්නත් ඔහු අවාසනාවන්ත ලෙස මියගියේය.


වාහනයේ උණුසුම් තත්වය හා ආඝ්‍රාණයට ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම මත ස්වසන අපහසුතා මත මරණය සිදුවන්නට ඇතැයි වෛද්‍යවරුන් සැක පළ කර තිබේ.


මෙම නිවසේ මව් පියන් සමග මියගිය සිසුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් වැඩිමහල් සොයුරියකුත් වාසය කර තිබේ. සිද්ධිය අවස්ථාවේ එක් නිවුන් සොයුරෙකු හා මව ජයවර්ධනපුර රෝහලට අවශ්‍යතාවකට ගොස් සිටි අතර වැඩිමල් සොයුරිය හා පියා රැකියාවට ගොස් තිබුණි.


සිසුවා වාහනයේ සිරවී ඇති නමුත් කිසිවෙකු ඒ ගැන දැන නොසිටි අතර අහම්බෙන් නිවසට ගොඩවැදුණ මිතුරා නිසා ඔහු ගැන සොයා බලන්නට හැකි විය. නමුත් පැය තුනක් පමණ තිස්සේ ස්වසන අපහසුතා පවතින්නට ඇති බැවින් සිසුවා බේරාගන්නට බැරිව ගියේය.


මාම්පේ , ජයමාවත පදිංචිව සිටි සඳුන් නින්සර නමැති අයෙකු මෙලෙස මියගියේය. දරුවා පිළියන්දල රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙතටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) සවස අවාසනාවන්ත ලෙස මියගියේය.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර මෝටර් රථය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පොලිසිය පැවසුවේය.








0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ