Responsive Ad Slot

ලිට්රෝ ගෑස් මිල අඩුවූ හැටි මෙන්න

අද (02) මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,690ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් වෙනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 694ක් ලෙසයි දැක්වෙන්නේ.




මත්පැන් පානය කොට කලබලකාරී ලෙස දුම්රිය පැදවූ රියදුරුට වැඩ වරදි

පෙරේදා (30) කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත

කොළඹ සිට මහනුවර බලා ඊයේ පෙරවරු 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වන අතර බොහෝ දෙනෙක්ගේ අවධානයට ද ඔහු ලක් විය.

ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල ප්‍රදේශයේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා එම දුම්රිය නුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර තිබුණි.

පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගෙන ඇති අතර මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව 1.40ටය. එහෙත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් පවසයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වසර තුනකට අච්චු වුණු හිරුණිකාගේ නොදත් කතාව

පසුගිය දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  වසර තුනකට බරපතල වැඩ සහිතව සිරගෙට නියම වූ අතර ඇයගේ  සත්‍ය කතාව පහත  වීඩියෝවේ සඳහන්.පහත ලින්ක් එක ක්ලික් කරලා සම්පූර්ණ කතාව බලන්න.


ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳව පනත ගැන ජනපති කිව්වේ ඇත්තද?

 

පසුගිය ජූනි 18 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එම දිනයේදීම සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු අමතා ඔහු කිව්වේ, “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අනුව නම් කාන්තාවන්ට මේ රටේ සමානාත්මතාවයක් ලබාගන්නට බැරි” බවයි.එම තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසාත්’එමගින් බුද්ධාගමට තිබෙන ආරක්ෂාව ඉවත්වන නිසාත් ඒ පිළිගන්නට බැරි බව ඔහු කීවේය.ජනාධිපතිවරයා වශයෙන් ඔහුට අයත් සම්පූර්ණ ගෞරවය ඇතිව මා සඳහන් කරන්නේ,පාර්ලිමේන්තුවේදීත් සිරිකොතේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රකාශ කරන ලද කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එමඟින්  පාර්ලිමේන්තුවත්,ජනතාවත්,නොමග යවා ඇති බවත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මුක්තියට මුවා වී අධිකරණයට අපහාස කර තිබෙන බවත්ය.

-ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ-

පාරිභෝගික ජනතාවට සහන සලසමින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කරයි

 


ජාත්‍යන්තර වෙළඳපළේ මේ කාල සීමාවේදී  ගෑස් නිෂ්පාදිතයේ විශාල වශයෙන් මිල අඩුවීමක් සිදු නොවුනත්  නිරන්තරයෙන්ම පාරිභෝගික ජනතාව ගැන සිතන ලිට්රෝ සමාගම පසුගිය මාස කීපයේදීම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීම සිදු කළා.

නැවත වතාවක් ලාභය ගැන නොසිතන හුදෙක් පාරිභෝගික ජනතාව ගැන සිතන ලීටර් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට කටයුතු කර ඇත.ඒ අනුව,

12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වන අතර එහි නව මිල රු.3790.00වන අතර

5Kg සිලින්ඩරයක මිල රුපියල් 60 කින් අඩු වූ අතර එහි නව මිල රු.1522.00 ලෙස සඳහන් වන අතර

2.3 Kg සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වන අතර එහි නව මිල රු.712.00ක් ලෙස සඳහන්වේ.

මිල අඩුවීමෙ නිල නිවේදනය ලිට්රෝ  සභාපති ගරු මුදිත පිරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම 2024.06.04 දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

සජබෙන් 20ක් නොගෙනාවොත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්

No comments 0


සමග ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල  අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.


ලබන මස අග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට නියමිත අතර  පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන්  ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව දැනගන්නට ඇත.


සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යාමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු ඇතැයිද  පැවසේ.
සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන්  සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙක්ද දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා දැඩිව ප්‍රකාශ කළහ.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.


ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් පක්ෂයේ කාන්තා සහ  තරුණ සමුළුද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා යෝජනා වී ඇති නම් අතරින්  ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගේ නම  එම පක්ෂ  නායකයන්ගේ  ඉහළ අවධානය යොමුවී  ඇතැයි දැනගන්නට ඇත

ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලේ සිදුවුණු වෙනස

අවුරුදු කාලසීමාවේදී ලිට්රෝ  පාරිභෝගිකයන් උදෙසා ලිට්රෝ  සමාගම අපූරු සහනයක් හඳුන්වා දුන්නා. ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක මිල පහල දැමීමට.ඔවුන් තීරණය කළ බවට නිල වශයෙන් අද දින දැනුම් දුන්නා..

එහි සභාපති ගරු මුදිත පිරිස් මහතා සඳහන් කළේ 12.5kg  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින්ද 5kg ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 55කින්ද  2.3kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 23කින්ද අඩු කිරීමට ඔවුන් තීරණය ගත් බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4115 ක් වන අතර  කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1652 වන විට කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රුපියල් 72ක් දක්වා වෙනස් වේ

ආණ්ඩුව නීතියට පිටින් ලාභ ලබන ලිට්රෝ සමාගම් පුද්ගලීකරණයට සැරසේ


 ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව තීරණය විය. 

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවැත්වූ මෙම සකච්ච්චාවේදී එම ප්‍රතිව්‍යුහගත කිරීම කල් තැබීම සම්බන්ධව ක්‍රියාත්මක වන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු 11 වන දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යොමු අංක PED/S /SOEs RU/5/16 යටතේ ලිපියක් යොමු කොට ඇත.

අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම ලිපිය මේ වන විට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මඟින් ක්‍රියාත්මක  කොට නැත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදු කරනු ලබන අතර  2024 මාර්තු 15 දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම  ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයින් කැඳවීම නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.

මෙම රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමන කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගන්නා ලද එකඟතා තීරණයන් බල රහිත කිරීමට රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිළිගත නොහැක. මෙම කරුණ සම්බන්ධව ලිට්රෝ සුරැකීමේ සංවිධානය විසින් ඔබ පාර්ශවයන්ගේ මැදිහත්වීම අපේක්ෂා කොට මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ටෙන්ඩර් භාර ගැනීම අවසන් - ලිට්රෝ එකමුතුවෙන් චෝදනාවක්

 

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර

දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය.

මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින අතර එම සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් බාර ගැනීම පසුගියදා අවසන්විය.

එහිදී පහත සඳහන් සමාගම් මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.

1) EpDeSa PTE Ltd (Singapore)

2) Bharat Petroleum (India)

3) AyGaz (Turkey)

4) Siam Gas (Thailand)

5) BGN DMCC (UAE)

6) Confidence Petroleum (India)

7) OQ Trading (UAE/ Oman)

8) Tristar Group (UAE)

9) LAUGFS Gas PLC (Sri Lanka)

10) United Petroleum Holdings (Malaysia)

11) Vitol Asia PTE Ltd (Singapore) - Netherlands/Switzerland

12) Infinity NGC/Holdings (Mauritius)

13) China National Aero-Technology international engineering Corporation (China)

14) Consulting Engineers and Contracting Pvt Ltd -CEC (Sri Lanka)

The Triumphant Return of Basil Rajapaksa Sparks Excitement and Speculation

No comments 0

 - Jihan Hameed- 

Basil Rajapaksa, the renowned political maestro, has  returned to the island nation today after a short vacation, generating great enthusiasm among his party loyalists. At the airport, a large number of people were witnessed eagerly receiving him, reflecting their unwavering support and anticipation.

Basil Rajapaksa is a prominent figure in Sri Lankan politics, representing the powerful SLPP party that backs President Ranil Wikramaainghe's caretaker government selectively. This government was formed in the wake of the sudden collapse of the previous SLPP administration under President Ghotabaya Rajapaksa.

With the upcoming presidential election on the horizon this year, Basil Rajapaksa's return has sparked speculation that the political landscape might shift further. He even speculates that parliamentary elections could precede the presidential election if political circumstances change significantly

As the influential brother of former President Mahinda Rajapaksa, Basil Rajapaksa's return carries great weight in shaping the future of Sri Lankan politics. His presence alone has the potential to alter the course of the nation's political landscape.



As the days unfold, Sri Lanka eagerly awaits the impact Basil Rajapaksa will have on the political arena. With his proven mastery and indomitable spirit, he holds the potential to reshape the country's political landscape & revival of the economy,  as he sets out on his next journey in the realm of politics.


© all rights reserved
Designed by IDAPZ