Responsive Ad Slot

Slider

සජබෙන් 20ක් නොගෙනාවොත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්


සමග ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල  අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.


ලබන මස අග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට නියමිත අතර  පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන්  ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව දැනගන්නට ඇත.


සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යාමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු ඇතැයිද  පැවසේ.
සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන්  සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙක්ද දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා දැඩිව ප්‍රකාශ කළහ.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.


ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් පක්ෂයේ කාන්තා සහ  තරුණ සමුළුද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා යෝජනා වී ඇති නම් අතරින්  ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගේ නම  එම පක්ෂ  නායකයන්ගේ  ඉහළ අවධානය යොමුවී  ඇතැයි දැනගන්නට ඇත

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ