Responsive Ad Slot

Showing posts with label ප්‍රධාන පුවත්. Show all posts
Showing posts with label ප්‍රධාන පුවත්. Show all posts

ෆොන්සේකා විමලවීර පාර්ලිමේන්තුවේ යකා නටයි




 පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථාවේ ඊයේ (02දා) පැවැති පරිසර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශවල වැයශීර්ෂයන් සම්බන්ධ විවාදයේදී මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක සහ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එහිදී කලවැද්දා මස් වැද්දා යන වදන් ද ප්‍රකාශ වනු ඇසිණ.

එම විවාදයේ දී අදහස් දැක්වූ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අගල් කැපීමට වත්මන් ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක් වූ ව්‍යාපෘතිය ඉතා මෝඩ එකක් යැයි කීම සහ එය විවේචනය කරමින් අදහස් දැක්වීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති විණි.

සරත් ෆොන්සේකා මහතා –

මේ ආණ්ඩුව පත්වෙලා අලි – මිනිස් ගැටුම් වළක්වන්න අර අම්පාරෙන් පත්වෙලා ආපු මන්ත්‍රීතුමා යෝජනා කළා අලි වැට වෙනුවට අගල් කපන්න. කිලෝමීටර් 7000ක් පමණ අගල් කපන්න. අඩි 10ක් පළල, අඩි 10ක් ගැඹුර ඇති අගල් කපන්න ගියොත් ඇතිවන තත්ත්වය මොකක්ද? මේක කියන කොටම මට නම් තේරුණා ගොනා හැරෙන්නේ පොල්පැලේට කියලා. මේ යෝජනාව වන ජීවී එකෙන් අනුමත කරලාත් නෑ. ඒත් කිලෝමීටර් 05ක් කපලත් තිබෙනවාලු. නීත්‍යනුකූල නැතිව කිලෝමීටර 55ක් කපලා තිබෙනවාලු. ඒ 55 හේම වැලි සහ පස් ටික ඇදලා තිබෙනවා. ඒ විදිහට මුළු රටේම අගල් කැපුවනම් ජල බැස්මට මොකද වෙන්නේ. කොච්චර මෝඩ ව්‍යාපෘතියක්ද කියලා බලන්න මේක. සාමාන්‍ය දැනීමක් තිබෙන මිනිහෙක් මෙහෙම දෙයක් කරයිද? ගොවියෙක්වත් මේ වගේ දේකට අනුමැතියක් දෙයි කියලා මම හිතන්නේ නෑ.

විමලවීර දිසානායක මහතා – මගේ නම කියවුණහම මම ඒකට උත්තරයක් දෙන්න ඕනා. මම මාස 09කින් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා නෑ. ඒයි ඔහේගේ කතාව ඉවරයි මහත්තයෝ, වාඩි වෙනවාකෝ වෙල් විදානේ. අගල් කපපු එක මෝඩ වැඩක් නම් අලි මිනිස් ගැටුම වළක්වන්න මොනවද කළේ. එයා මොනවාද ඇමැති කාලේ කළේ, මොකක්ද? කලවැද්දා. හැටදාහක්, හැත්තෑදාහක් මරලා දැන් අපට මෙතන උපදෙස් දෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

© all rights reserved
Designed by IDAPZ