Responsive Ad Slot

Slider

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 212ට නවතියි

0

 


දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද (11) ආරම්භ වූ ICC ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම පන්දුවාර 56.4කදී ලකුණු 212කට සීමාවිය.


ඔස්ට්‍රේලියානු ඉනිමේ 6වන කඩුල්ල මුලු ලකුණු 192ක් වද්දී බිඳවැටුණු අතර, ඉන් අනතුරුව ඉනිමට තවත් ලකුණු 20ක් පමණක් එක්වද්දී ඉතිරි කඩුලු 4 දවාගැනීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.


එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා ලකුණු 51කට කඩුලු 5ක් දවාගත්තේය.


ඊට අමතරව මාර්කෝ ජැන්සන් කඩුලු 3ක් දවාගත් අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දුවාර 14කදී ලකුණු 49ක් ලබාදුන්නේය. 


ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් Beau Webster පන්දු 92කට මුහුණදෙමින් ලකුණු 72ක් රැස්කළේය.


එමෙන්ම ස්ටීවන් ස්මිත් ඉවසිලිවන්ත ලකුණු 66ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 112කට මුහුණදුන්නේය.


කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පළමුව පන්දු යැවීම තෝරගත්තේය.

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ