Responsive Ad Slot

Slider

ලෝක වෙළද පොලේ මිල විශාල ගණනකින් ඉහල ගියත් ලිට්රෝ එලෙස වැඩි කරන්නේ නෑ, මුදිත පිරිස්, ලිට්රෝ සභාපති

 අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,127කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ලිට්රෝ සභාපති මුදිත පිරිස් මහතා වැඩි දුරටත් අදහස් පල කරමින් කියා සිටියේ ලෝක වෙළඳ පොලේ ගෑස් මිල රු 1000කට ආසන්න ගණනකින් ඉහල ගොස් ඇති බවත්මි, මිල ඉහළයාම කලින්ම හදුනාගෙන පෙර මාස කිහිපය තුල වැඩිපුර ගෑස් තොග ඇනවුම කල නිසා අද දින කිලෝග්‍රෑම් 12.5ක  සිලින්ඩරයක මිල රු 145ක පමණ අවම මුදලකින් පමණක් වැඩි කිරීමට හැකියාව ලැබුන බවයි. 

අවසාන අප්‍රේල් මාසයේ රු. 1005කින් ගෑස් මිල පහත දෑමු අතර, 2023 මැයි මාසයේ දී රු.100කින් මිල අඩු කරනු ලැබුවා, නැවතත් ජුනි මාසයේදී රු.452කින් මිල අඩු කල අතර, ජුලි මාසයේදී රු. 204කින් ගෑස් මිල පහල දමනු ලැබුවා, අගෝස්තු මාසයේ ලෝක වෙළඳපොලේ මිල වැඩි වුවත් ලිට්රෝ සමාගම කිසිදු මිල වැඩි කිරීමක් සිදු කරනු ලැබුවේ නෑ. ඒ අනුව අවසාන මාස 5ක කාලය තුල දේශීය ගෑස් මිල රු. 2000කට ආසන්න අගයකින් මිල අඩු කර තිබෙනවා.

ලෝක වෙළද පොලේ මිල මෙලෙස  විශාල ගණනකින් ඉහල ගියත් ලිට්රෝ සමාගමේ නිසි කළමනාකාරිත්වය නිසි ඉහල යන මුදලම ජනතාවගෙන් වැඩි නොකර ජනතවට සහනයක් සැලසීමට හැකිවී තිබෙන බවත් මුදිත පිරිස්  මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශකර සිටියා. 





0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ